සංචිත ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 1,500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කෙරේ

    January, 11, 2017

    දේශීය ණය ගැනීමේ වැඩසටහනේ නම්‍යශීලිභාවය හා රටෙහි සංචිත ශක්තිමත් කරමින් 2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500ක් දක්වා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.