සංවර්ධන ලොතරැයියෙන් සතියේ දින 7 පුරාම දිනුම් අදින සුපිරි ජයමල්ලක් සහිත ලොතරැයියක්

    August, 15, 2017

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය කවදත් අලුත් ආකාරවලින් ජයග්‍රාහකයින් බිහිකිරීමට නම් දැරු ආයතනයක් වන අතර දැන් සතියේ දින හතම දිනුම් අදින ලොතරැයියක් 'අද කෝටිපති ' නමින් පසුගියදා වෙළෙදපොළට නිකුත් කළේය.

    එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 අගෝස්තු මස 31 වන බ්‍රහස්පතින්දා සිදු කරන අතර ටිකට් පත වෙළෙදපොළට නිකුත් කිරීම 2017 අගෝස්තු මස 15 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාරයේදී  සිදුකෙරුණි.

    මෙහි ත්‍යාග රටාවට අනුව ප්‍රථම ත්‍යාගය ලෙස කෝටි පහක විශාල ආරම්භක ජයමල්ලක් සමග රු. දස ලක්ෂය, ලක්ෂය ආදී මුදල් තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාවක් උදාකර ඇත.

    මෙහි අංක 01 සිට 75 දක්වා මුද්‍රිත පන්දු 75ක් අතරින් පන්දු 04ක් එක් යන්ත්‍රයකින්ද, ඉංග්‍රීසි අක්ෂර 26 මුද්‍රිත තවත් පන්දු 26කින් එක අක්ෂරයක් වෙනම යන්ත්‍රයකින් තෝරා පහත පරිදි ත්‍යාග පිරිනමනු ඇත.

    ඉංග්‍රීසි අක්ෂරයට රු.20ක්ද, අංක එකකට රු.20ක්ද, අංක දෙකකට රු.100ක්ද, අංක තුනකට රු.1000ක්ද, අංක හතරකට රු.10,00,000ක්ද, අංක එකක් සමග ඉංග්‍රීසි අක්ෂරයට රු.40ක්ද, අංක දෙකක් සමග ඉංගිසි අක්ෂරයට රු.1000ක්ද, අංක තුනක් සමග ඉංග්‍රීසි අක්ෂරයට රු.100,000ක්ද, අංක හතරක් සමග ඉංග්‍රීසි අක්ෂරයට 50,000,000ක් හෝ එදිනට පවතින ජයමල්ල මෙම ටිකට් පතෙන් ඔබට ලබාගත හැකිය.

    මිට අමතරව ටිකට් එකයි චාන්ස් දෙකයි දිනුම් ඇදීමද මේ සමග ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රථම දිනුම් ඇදීමෙන් පසු ඉතිරි වන පන්දුවලින් අංක 04ක් තෝරා අංක දෙකකට රු.20ක්ද, අංක 3ට රු.500ක්ද, අංක හතරට රු.50,000ක්ද ලබාදෙනු ඇත.

    "අද කෝටිපති" ලොතරැයිය, ලොතරැයි වෙළඳපොලේ ප්‍රමුඛතම ලොතරැයියක් ලෙස වෙළඳපොළට ඉදිරිපත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අරමුණයි.

    සේයා රූ සටහන : (වමේ සිට දකුණට) - සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුල්‍ය) විජිතා සෝමරත්න, සභාපති/ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ජයවර්ධන, සාමාන්‍යාධිකාරී ජේ.එම්. සමන් ජයසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) අනුර ජයරත්න