සණස රුපියල් බිලියනයක් ඉල්ලයි

    October, 7, 2014

    හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ.

    මේ අනුව, කොටසක් රුපියල් 80 ක් බැගින් නිකුත් කරන අතර දැනට තිබෙන ඡන්ද සහිත සාමාන්‍ය කොටස් දෙකකට ඡන්ද සහිත එක් සාමාන්‍යය කොටසක් මෙහිදී නිකුත් කරයි.

    මෙම නිකුතුව මගින් සණස උපයා ගැනීමට නියමිත මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියනයකි.