සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

    August, 15, 2019

    2019 වසරෙහි දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80,000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව හඳුනාගෙන ඇත.
    ඒ අනුව, පළමුව, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ මත ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර, සත්ත්ව පාලනයේ නියුතු සමාගම් වල ඉල්ලුම මත බෙදා හැරීමටත්, දෙවනුව අවශ්‍ය කරනු ලබන ඉතිරි බඩඉරිඟු ප්‍රමාණය එක් එක් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන සත්ත්ව ආහාර ප්‍රමාණය සහ ඇතිදැඩි කරනු ලබන සතුන් ප්‍රමාණය මත පදනම්ව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ආහාර නිෂ්පාදකයන් හා කුකුළු ව්‍යාපාරිකයන් වෙත 2020 ජනවාරි මස 31 දිනට පෙර ආනයනය කර ගැනීම සඳහා අවසර ලබා දීමටත්, ඒ සඳහා බඩඉරිඟු කිලෝ 1කට රු.10/-ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටත් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බඩඉරිඟු වගා කිරීම සඳහා පෙළඹවීමේ ක්‍රමවේදයක් ඇති කොට එම ගොවීන්ට නොමිලේ බීජ ලබා දීම පිණිසත්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.