April, 25, 2022
පවතින ආර්ථික අර්බුදකාරීත්වය හමුවේ සති දෙකක කාලයක් පුරාවට වසා දමා තිබුණි කොළඹ කොටස් වෙළෙඳ අද (25) දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු සඳහා විවෘත වුවද මිල දර්ශකවල කඩා වැටීම හමුවේ ගනුදෙනු තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා විය.
එහිදී පෙරවරු 10.30 ට ගනුදෙනු ආරම්භ වුවද S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට වඩා 5% ක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මිනිත්තුවක කාලයකට පමණක් ගනුදෙනු සැසිය සීමාවිය.
ඉන් අනතුරුව පෙරවරු 11.01 ට නැවත වරක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘත වුවද පෙරවරු 11.02 ට ගනුදෙනු යළිත් අත්හිටුවනු ලදී. ඒ 10% ක් ඉක්මවා S&P SL20 දර්ශකය පහළ යාම හේතුවෙනි. ඒ සමඟම අද දිනයට කොටස් වෙළෙඳපෙළ වසා දැමීමට ද තීරණය කෙරුණි.
ඒ අනුව අද දින කොටස් වෙළෙඳපොළ වසා දමන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 621.40 කින් පහළ ගොස් ඒකක 7,513.85 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 268.36 කින් පහළ ගොස් ඒකක 2,355.54 ක් ලෙසත් සටහන් විය. මෙය පිළිවෙලින් පෙර ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 7.64% ක හා 10.23% ක දැවැන්ත කඩා වැටීමක් වේ.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘතව පැවති මිනිත්තු 2ක කාලය තුළ දී රු. මිලියන 265.38 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත කෙරුණේ පසුගිය අප්‍රේල් 08 වැනි දිනෙන් පසුවය.
Video Story