February, 18, 2022
මෙම සතිය තුළ අඛණ්ඩව තෙවැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් අද (18) දිනයේ දී ද වාර්තා විය.
අද දිනය තුළ දී ඒකක 218.34 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 80.30 කින් පහළ යන ලදී.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,134.04 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 4,144.33 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 5.14 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
මේ අතර අද දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම දැක්වුණේ රු. බිලියන 5,533.42 ක් ලෙසිනි.
පසුගිය 2022 ජනවාරි 24 දින සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 6,016.46 ක් වශයෙන් වාර්තා වී තිබුණි.
ඒ අනුව ගෙවීගිය සති 4 ක කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 483.04 කින් කොටස් වෙළෙඳපොළේ වටිනාකම පහළ ගොස් ඇත.
සමාගම් 179 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දිනය තුළ පහළ ගොස් තිබුණි.


Video Story