දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟය සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මඟින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.