February, 15, 2022
සතොස හරහා භාණ්ඩ මිල දී ගැනීමේ දී සහල් පමණක් මිල දී ගත නොහැකි බවත් ඒ සමඟ තවත් භාණ්ඩ මිල දී ගත යුතු බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එසේම සතොස සියලුම භාණ්ඩ අලෙවි කරනුයේ සහන මිලකට බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.
“සහල් පමණක් ලබා දෙන්න බැහැ. අපි වෙළෙඳපොළේ පවතින මිලට වඩා විශාල මිල අඩුවීමකට කරන්නේ. 105 ට නාඩු කිලෝවක් දෙන්නේ. 128කට සම්බා කිලෝවක් අලෙවි කරන්නේ. ජාවාරම්කරුවෝ විසින් හාල් කිලෝ දහය දහය, එක පස්දෙනෙක් ඇවිල්ලා දහය දහය පනහක් අරන් ගියොත්, අනෙක් පාරිභෝගිකයන්ට ඒ අවස්ථාව නැති වෙනවා.“
“සතොස අලෙවි කරන සියලුම භාණ්ඩ අලෙවි කරන්නේ සහන මිලට. වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලට. ඒ නිසා සහල් විතරක් පරිභෝජනය කරන මනුස්සයෙක් ලෝකේ නැහැ. අනෙක් මොනවාම හරි භාණ්ඩයක් අරන් යන්න පුළුවන්. සහල් විතරක් කළොත් ඒක ව්‍යාපාරයකට වෙන නිසා සහල් විතරක් අලෙවි කරන්නේ නැහැ.“
Video Story