සතොස ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය

    July, 11, 2023

    සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, ඒම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් ලබා නොලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව හදුනාගනු ලැබ තිබේ.

    ඒ් අනුව, සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළඳ , වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා‌ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.