February, 27, 2023
ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොවපුරා සුවහසක් ජනතාව ගෞරවාදරයෙන් වැළඳගත් "සන්ක්වික්" ස්වභාවික පළතුරු යුෂ නිෂ්පාදනයන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කොට බෙදාහරිනු ලබන සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම, Sunquick BiBi ready-to-drink (RTD) පානය නිෂ්පාදනය කිරීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුක්ත නව කර්මාන්තශාලාවක් 2023 පෙබරවාරි මස 23 වැනිදා හොරණදී නිල වශයෙන් විවෘත කරනු ලැබීය. ශ්‍රී ලාංකීය වෙළෙඳපොල තුළ ශක්තිමත් ලෙස නැගී සිටිමින් සිය නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීමෙහිලා සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම සමත්ව සිටින්නේ ජාත්‍යන්තර අත්දැකීම් සහ කළමනාකරණයේ විශිෂ්ඨ කුසලතාව ළඟාකරගත් නිසාවෙනි.
සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ මෙම සුවිශේෂී සංධිස්ථානය වර්ණවත් කරමින් CO-RO A/S Denmark, සභාපති සෝරෙන් හොල්ම් ජෙන්සන් සහ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ සභාපති හේමක අමරසූරිය යන මහත්වරුන් සමග එම ආයතනයන් නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන්, ජනමාධ්‍යවේදීන් හා සන්ක්වික් සන්නාමයට ළබැඳි හිතවතුන් රැසක් එක්වූහ.
සන්ක්වික් නව කර්මාන්තශාලාව නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ CO-RO A/S Denmark, සභාපති සෝරෙන් හොල්ම් ජෙන්සන් මහතා අදහස් දක්වමින් "සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම මේ තැබූ යෝධ පියවර පිළිබඳ අප බෙහෙවින් සතුටුවන අතරම ඔවුන්ගේ අනාගත වැඩකටයුතු වලට අපගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදය හිමිවන බව සතුටින් ප්‍රකාශ කර සිටිනවා. දශක ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක ලෝකවාසීන් රසයෙන් අමන්දානන්දයට පත් කළ සන්ක්වික් තවදුරටත් ශ්‍රී ලාංකිකයන් අතර නොමැකෙන රස නාමයක් බවට පත්කරන්නට මේ කර්මාන්තශාලාව මැදිහත්කරුවෙක් බවට පත්වේවි" යැයි පැවසීය.

සන්ක්වික් RTD tetra pack ශ්‍රී ලාංකිකයන් වෙත හඳුන්වාදෙනු ලැබුවේ සාම්ප්‍රදායිකව සකස් කරගන්නවාට අමතරව වෙළෙඳසැලෙන් මිලදී ගත් සැණෙන් පානය කළ හැකි ක්ෂණික පළතුරු බීමක් ලෙස පාරිභෝගිකයන් වෙත නවතම අත්දැකීමක් ලබාදීම අරමුණු කොටගෙනය.
Sunquick BiBi නිෂ්පාදනය දොඩම්, බෙරි මිශ්‍ර, රෝස පේර සහ ස්ට්‍රෝබෙරි, මිශ්‍ර පළතුරු යන රසවර්ග 4න් මිලිලීටර් 200 සහ 125 ඇසුරුම් ලෙස වෙළෙඳපොලට නිකුත්වේ.
හොරණ ස්ථාපිත සන්ක්වික් RTD නව කර්මාන්තශාලාවේ ඇති ස්කැනේඩියානු ප්‍රමිතියේ අති නවීන යන්ත්‍රෝපකරණ හරහා ස්වභාවිකත්වය හා සෞඛ්‍යාරක්ෂිතබව සුරක්ෂිත වන ආකාරයේ නිෂ්පාදන ක්‍රියාවලියකින් පුහුණුව ලත් විශේෂඥ තත්ත්වපාලකවරුන්ගේ අධීක්ෂණය යටතේ ලොව පිළිගත් අන්තර්ජාතික තත්ත්ව සම්මතයන්ට අනුකූලව සන්ක්වික් RTD නිෂ්පාදන එළිදක්වයි.
සන්ක්වික් ලංකා සමාගම විසින් ආරම්භ කරනු ලැබූ නව නිෂ්පාදන ක්‍රමවේදය පිළිබඳ අදහස් දැක්වූ සන්ක්වික් ලංකා පුද්ගලික සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතා " තාක්ෂණයෙන් සපිරි මෙම නව කර්මාන්ත ශාලාව උත්සාහය, උනන්දුව, කාර්යශූරත්වය හා කැපවීම ඉහල මට්ටමක තිබෙන අපගේ කාර්ය මණ්ඩලය විසින් ළඟාකරගත් තවත් සුවිශාල ජයග්‍රහණයක්. කවදත් අප අනුගමනය කළ ජාත්‍යන්තර තත්ත්ව සම්මතයන්ට අමතරව ගෝලීය ආරක්ෂිත ක්‍රමවේද හා සෞඛ්යාරක්ෂිත උපායමාර්ග රැසක් සමග අප මේ නව කර්මාන්තශාලාවේ කටයුතු සිදුකරනවා. ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන එන ප්‍රබල කේන්ද්‍රස්ථානයක් විදිහට අපට මෙම කර්මාන්තශාලාවේ දායකත්වය ලබාදිය හැකිවීම ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් වේවි යැයි අප සිතනවා" යැයි පැවසීය.
සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම නිෂ්පාදනය හා අපනයනය මත පදනම් වෙමින් ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික පළතුරු යුෂ වෙළෙඳපොලේ 70% ක වෙළෙඳපොල ප්‍රතිශතයකට හිමිකම්කියන සන්ක්වික් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව්ගිනියාව, ෆීජි දූපත්, මාලදිවයින, තායිවානය, බංගලාදේශයද ඇතුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් රැසකට සිය නිෂ්පාදන අපනයනය කරනු ලබයි.
Video Story