සන්ෂයින් හෝල්ඩින්ග්ස් 18/19 මූල්‍ය වර්ෂයේ සාර්ථකත්වයට සෞඛ්‍ය සහ පාරිභෝගික අංශයෙන් කැපී පෙනෙන දායකත්වයක්

    June, 27, 2019

    ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය මාර්තු 31 වනදායින් අවසන් වූ 2018/19 මූල්‍ය වර්ෂය  සදහා රුපියල් බිලියන 22.6 ක පිරිවැටුමක් වාර්තා කල අතර එය පෙර වසරට සාපේක්ෂව  6.9%ක වර්ධනයකි. පාරිභෝගික භාණ්ඩ සහ සෞඛ්‍ය  අංශයේ කැපී පෙනෙන දායකත්වය සමුහයේ සමස්ථ පිරිවැටුමට ප‍්‍රබල බලපෑමක් එල්ල කල අතර ඉන් වැඩි දායකත්වයක් ලබා දීමට සෞඛ්‍ය අංශය සමත් වී ඇත.

    සමාලෝචනයට භාජනය වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 1.1ක්  දක්වා පහත වැටී ඇති අතර වූ අතර ලාභ ආන්තිකය 5.1%ක් දක්වා අඩුවී ඇත. පසුගිය වසරේ එය 8.5%ක් වූ අතර කෘෂි ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ අඩු ලාභය මීට ප‍්‍රධාන හේතුවක්  විය. ආයතනයේ ඉහළ කාර්යසාධනය සදහා සෞඛ්‍ය අංශය  විශාල දායකත්වයක් දැක් වූ අතර එය සමස්ත ආදායමෙන් 40%ක ප‍්‍රතිශතයකි. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශයේ දායකත්වය පිළවෙලින් 31%ක් සහ 25%ක් විය.

    බදු පසු ලාභය සහ සුළු පොලි ආදායම  ^PATMI& මිලියන 553 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව16.7% ක අඩු වීමකි. සුළු පොළී ආදයම සඳහා සෞඛ්‍ය අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය සමස්තයෙන් 62% ක් විය. එසේම පාරිභෝගික භාණ්ඩ අංශය සමස්ත සුළු පොලි ආදයම සඳහා 46% ක දායකත්වයක් ලබා දී ඇත. කෙසේ වෙතත් 2019 මූල්‍ය වර්ෂය අවසානයේ කොටසක ශුද්ධ වත්කම රුපියල් 50.26 ක් දක්වා වැඩිවී ඇති අතර පසුගිය මූල්‍ය වර්ෂයේ එහි අගය  රුපියල් 46.71 ක් විය.

    සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමුහ කළමණාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා ආයතනයේ ප‍්‍රගතිය පිලිබඳ අදහස් දක්වමින්,‘‘අපගේ සමුහයේ සෑම අංශයකටම ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්චේදයක් වුවත් 2018/19 මූල්‍ය වර්ෂයේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට අප සමත් වී තිබෙනවා. මතු වූ සියලූ දුෂ්කරතා හමුවේ සමුහයක් වශයෙන් ඒ සඳහා  මුහුණ දෙන්නේ සහ ඔරොත්තු දෙන්නේ කෙසේද යන්න පිලිබඳ අප දිගින් දිගටම පෙන්නුම් කර තිබෙනවා. අපගේ කෘෂි ව්‍යාපාර අංශයේ යම් පසුබෑමක් තිබුණත් පසුගිය වර්ෂයේ සිට සෞඛ්‍ය සහ පාරිභෝගික භාණ්ඩ අංශයේ ශක්තිමත් කාර්යසාධනය සමුහයේ පිරිවැටුමට ප‍්‍රබල දායකත්වයක් ලබා දී තිබෙනවා.”

    සමස්ත ප‍්‍රථිපල සැළකීමේදී ,බිලියන 9.3 ක විශාල දායකත්වයක් පිරිවැටුමට ලබා දෙමින් සන්ෂයින් සෞඛ්‍ය අංශය ඉහල කාර්ය සාධනයක් පෙන්වා තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 14.1% ක් වර්ධනයකි. 2018 සැප්තැම්බර මස සිට දෙවන වරටත් බලපැවැත් වූ  ඖෂධ මිල පාලනය ඍණාත්මක බලපෑමක් එල්ල කළත් ඉහළ විකුණුම් පරිමාව, සිල්ලර අංශයේ වර්ධනය, නව වෙළෙඳ නියෝජිතයතන එක්වීම පිරිවැටුම වර්ධනය කිරීමට සමත් වී තිබේ. තවද ඖෂධ උප අංශයේ ඉහළ විකිණුම් සහ මිළ ඉහල යාම් පිරිවැටුමට 66% ක දායකත්වයක් ලබා දුන් අතර එය පෙර වසරට සාපේක්ෂව 10.4% ක වර්ධනයකි. එමෙන්ම සෞඛ්‍ය අංශයේ බදු පසු ලාභය ලෙස රුපියල් මිලියන 368 ක් වාර්තා කරමින් 42.4% දක්වා ඉහළ ගොස් ඇති අතර පෙර වසරට සාපේක්ෂව 3.9% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    සන්ෂයින් පාර්භෝගික සන්නාමයන් සැලකීමේදී විශේෂයෙන් ’ැිඒල වටවල තේ සහ රන් කහට සන්නාමයන් මිල සහ විකුණුම් පරිමාව ඉහළ යාම නිසා සමස්ත පිරිවැටුමේ වර්ධනයට ඉහල දායකත්වයක් ලබා දුන් අතර එය රුපියල් බිලයන 5.9ක් විය. පෙර වසර හා සැසඳීමේදී එය  8.9%ක වර්ධනීය ප‍්‍රතිශතයකි. පාරිභෝගික අංශයේ බදු පසු ලාභය සැලකීමේදී එය රුපියල් මිලියන 489 ක් ලෙස සටහන් වූ අතර පසුගිය වසරට සාපේක්ෂව 66.4%ක ඉහළ වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ.තවද අඩු පිරිවැය හේතුවෙන් ලැබූ  ඉහළ දළ ලාභ ආන්තිකයද මේ සඳහා හේතු වී ඇත.

    මේ අතර පාරිභෝගික ව්‍යාපාරික ඛාණ්ඩය තවදුරටත් දේශීය වෙළඳපොල තුළ තම සන්නාමයන් වර්ධනය සඳහා ආයෝජනය කරන අතර සමුහය ජාත්‍යන්තර ව්‍යාපාර මෙහයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ගෝවින්දසාමි මහතා ප‍්‍රකාශ කරයි.

    වටවල වැවිලි සහ හැටන් වැවිලි සමාගම් ප‍්‍රමුඛත්වය දරන සමුහයේ කෘෂි ව්‍යාපාර අංශය සැලකීමේදී සමස්ත ආදායම  ලෙස රුපියල් බිලියන 7.1 ක් වාර්තා වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 2% ක අඩුවීමක් පෙන්නුම් කරයි. හැටන් වැවිලි සමාගම මගින් කළමනාකරණය කරන්නා වූ තේ වගා ක්ෂේත‍්‍රයට බලපෑ අයහපත් දේශගුණික තත්ත්වය මීට හේතු සාධක විය. එසේම පෙර වසරට සාපේක්ෂව තේ නිෂ්පාදනයේ සිදු වූ 11.2% ක පසුබෑම සමස්ත ආදායම 13.4%කින් අඩු කිරීමට සමත් වී ඇත. කෙසේවෙතත් පාම් ඔයිල් උප අංශයේ ශුද්ධ විකිණුම් ඉහළ යාම සහ අස්වැන්නේ ආන්තික ඉහළ යාම පෙර වසරට සාපේක්ෂව ආදායම 21.5%කින් ඉහළ දැමීමට සමත්ව ඇත. කෘෂි අංශය සමස්තයක් ලෙස සැලකීමේදී රුපියල් මිලියන 650 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 44.9 %ක අඩුවීමකි.