සමබර ආහාර වර්ගීකරණය තුළින් පවුලේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට ආයතන රැසක් මුලපුරයි

    February, 11, 2019

    ශ්‍රී ලාංකිකයන්ගෙන් 22%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන අතර ඒ අතරින් 15% ක් දරුවන් වීම මෙරට මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටළුවකි. එම තත්වය අවම කිරීම සදහා Solidaridad Network Asia Solidaridad Network Asia සහ Nucleus Foundation (NF) එක්ව Institute of Social Development සහ Sri Lanka Medical Nutrition Association හි සහයෝගයද පෙරදැරිව දැනුවත්භාවයෙන් ඌන ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන සෘජුව පුහුණු වැඩ සටහන් මාලාවක් ආරම්භ කිරීමට සමත් විය.

    දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යට අත්‍යවශ්‍ය වන පෝෂණය ලබා දීමේ වගකීම පවුලේ සාමාජිකයන්ට ඉටු කළ හැකි බව ප්‍රායෝගික පවුල් කේන්ද්‍රීය ක්‍රමවේදයන් ඔස්සේ පෙන්වා දෙමින් දැනුවත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.

    එහි මුල්ම වැඩසටහන මාතලේ, නුවර එළිය සහ මොනරාගල යන දිස්ත්‍රක්කවල පැවති අතර 525කට අධික ප්‍රජා පුහුණුකරුවන් පිරිසක් මෙම පණිවිඩය ඔවුන්ගේ ප්‍රජාවන් වෙත රැගෙන යාම සදහා පුහුණු කරන ලදී. ශ්‍රී ලංකා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර SLMNA නියෝජනය කරමින් පෝෂණ වෛද්‍ය නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

    සභාව අමතමින් වෛද්‍ය ජයතිස්ස මහත්මිය සිය අදහස් පළ කලේ මෙලෙසිනි. "සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන නමුත් තවමත් විශේෂයෙන් වතු ප්‍රජාව තුළත් ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම පාසල්වලටත් මන්ද පෝෂණය බරපතල සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. රට තුළ සමස්ත පෝෂණ තත්වය සෑහීමට පත්විය හැකි මට්ටමකට රැගෙන ඒම සදහා ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. "

    හුදෙක් න්‍යයායික පුහුණු වැඩමුළුවක් වෙනුවට ගැටළුවක් වෙත ප්‍රවේශ විය හැකි ප්‍රායෝගික දෘෂ්ටිකෝණයක් මෙම වැඩසටහන හරහා හදුන්වා දුන් අතර ඔවුන්ගේ පරිභෝජනය සදහා උචිත ඉහළ පෝෂණයකින් යුත් ලාභදායී පිසීමට ඉතා පහසු දේශීය ආහාර වට්ටෝරු රැසක් පිළියෙල කරගන්නා ආකාරය ද සහිතව මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.

    වැඩසටහනට වඩාත් පරීපූර්ණත්වයක් එක් කරමින් ගෙවත්ත තුළ පෝෂණයෙන් පිරි බෝග වගා කර ගන්නා ආකාරයද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි‘ හුදෙක් මුළුතැන්ගෙයි සුළු අවශ්‍යතාවක් සපුරන ගෙවත්තකට වඩා පෝෂණයට ප්‍රමුඛත්වය දුන් ඵලදායී ගෙවත්තක් නිර්මාණය කර ගැනීමේ වැදගත්කම සුවිශේෂයෙන් පෙන්වා දෙනු ලැබීණි.

    ගුරුවරියක වශයෙන් සේවය කරන නුවරඑළියේ සිට පැම්ණි වසන්ති කුමාරි මෙනව්ය මේ පිළිබද සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි‘ ,මෙය ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්‘ තාක්ෂණික උපදෙස් වගේම බෝග වගාව සහ අපගේ පවුලේ පෝෂණය වැඩි දියුණු කළ හැකි ආහාර පිළියෙල කරන ආකාරය පිළීබදව අපිට උපදෙස් ලබා දුන්නා‘ ගුණාත්මක පෝෂණයක් ලබා ගැනීමට අවශ්‍ය සියල්ල අප සතුව තිබෙන බව හැගෙනවා‘ අපේ ප්‍රජාවේ සෙසු අයවත් මේ පිළිබද දැනුවත් කිරීමට දැන් අපිට පුලුවන්.

    මාතලේ, නුවරඑළිය සහ මොනරාගල පැවති වැඩසටහන් සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඉදිරි වැඩ සටහන් එළඹෙන ජනවාරි 29 වන දා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පස්සර ප්‍රදේශයේ සහ 30 වන දා ලුනුගල යන ප්‍රදේශවල පැවැත්වීමට නියම්තව ඇත. එම ප්‍රදේශවල පදිංචිව සිටින අවදානමට ලක් වූ ජන කොටස්වල නියෝජිතයන් හා අදාල ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.