සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින්

    October, 9, 2018

    අධ්‍යාපන අමාත්යංශය විසින් සංවිධානය කරනු ලබන 34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ නිල රක්ෂණ හවුල්කරුවා ලෙස ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්  ඉදිරිපත්ව තිබේ.

    2018  ඔක්තෝබර් 1 වනදා සිට 5 වනදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාගනයේ පැවැත්වුන මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා දිවයින පුරා පිහිටි පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  8000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වුහ.

    මෙම වැඩසටහන ඔස්සේ සුරක්ෂා ආවරණය මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සහ එම ප්‍රතිලාභ ලබාගන්න ක්‍රමවේදය පිලිබඳ පාසල් සිසුන්, දෙමවුපියන් රාශියක් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය.

    සුරක්ෂා යනු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ අධ්‍යාපන අමාත්යංශය එක්ව සියලුම ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  හඳුන්වාදී ඇති සෞඛ්ය  හා හදිසි අනතුරු රක්ෂණාවරණයක් වන අතර පාසල තුලදී හා ඉන් පිටතදී සිසුන් මුහුණ දෙන ලෙඩ රෝග හා  හදිසි අනතුරු අනතුරු සඳහා ආරක්ෂාව තහවුරු කිරීම මෙම රක්ෂණයේ අරමුණයි 

    1962 තම ව්‍යාපාරටයුතු ආරම්භ කල ශ්‍රීංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය  රක්ෂණ ආයතනයි. මේ වන විට රුපියල් බිලියන 193 කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 100 කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි  ශ්‍රී   ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයි. එමෙන්ම මෙරට ප්රමුඛතම මුල්  රක්ෂණ සමගම වන  ශ්‍රී  ලංකා ඉන්ෂුවරන්ස්, ෆිට්ච් AA+(lka) ශ්‍රේණිගතකිරිමට හිමිකම් කියන එකම එකම දේශීය රක්ෂණ ආයතනයි.