සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව නව නිවහනකට

    June, 14, 2017

    සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි.

    මීට ඉහතදී පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක. 463 දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංක. 128, පාගොඩ පාර,  පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ අති නවීනතම බැංකු සේවා සපිරි සිය නව නිවහනට පැමිණ බැංකුකරණයේ නව්‍ය අත්දැකීම් අත්විඳින ලෙස පිටකෝට්ටේ සම්පත් බැංකු ශාඛාව සිය ගනුදෙනුකාර භවතුන්ට ඇරයුම් කර සිටී.

     

    ඡායාරූපය : එච්.බී. කීර්තිරත්න  - සහකාර සාමාන්‍යාධිකාරි - මූල්‍යල මහිල් කූරගම - සහකාර සාමාන්‍යාධිකාරි - මෙහෙයුම්, කුමාරි ජයසූරිය ප‍්‍රධාන කළමණාකාරිනී - බැංකු කටයුතු, කී‍්‍රශාන්ත් වික‍්‍රමසිංහ - ශාඛා කළමණාකරු යන මහත්ම මහත්මීන් නව ශාඛා පරිශ‍්‍රය විවෘත කිරීමේ සුබ මොහොතට එක්වූ අවස්ථාව.