සමාගම් පනතේ වගන්ති 3 ක් සංශෝධනයට රිෂාඩ්ගෙන් යෝජනාවක්

    April, 5, 2018

    ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වර්ධනය කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ දර්ශකය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම පිණිස 2007 අංක 07 දරන සමාගම් පනතට යම් යම් සංශෝධන සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, අදාළ සමාගමේ ඇතැම් විස්තර ලබා දෙමින් අලුත් සමාගමක් සංස්ථාගත කිරීම පිළිබඳ පොදු මහජනතාවට නිවේදනය කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව ලබා දීම, එම සමාගම සංස්ථාගත කිරීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සහ යම් සමාගමක නාමය වෙනස් කිරීම සඳහා එම සමාගම වෙත විධානය කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව ලැබෙන පරිදි, 2007 අංක 07 දරන සමාගම් පනතෙහි 5, 9 සහ 10 වගන්ති සංශෝධනය සිදු කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.