ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් තැන්පතුකරුවන්ට වන්දි ගෙවීමට මහ බැංකුවෙන් පියවර

    December, 5, 2018

    මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී.

    ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්‍රකරුවන් හට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළව නිකුත් කර ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරනු ඇති අතර වන්දි මුදල් සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබා දෙන ඇත.

    එකී දැනුම්දීම මාධ්‍යවල පළවූ පසුව, අදාළ උපදෙස් ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් නියමිත ලිපි ලේඛන ද සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් හි තැන්පතුකරුවන් වෙත මහ බැංකුව දැනුම් දී සිටී.

    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112-398788 හෝ 0112-477261 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.