ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම උදෙසා ජෝන් කීල්ස් විසින් ‘Report for Support’ මෙහෙයවයි

    December, 12, 2019

    ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සහ ඒ පිළිබඳ  මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා සාර්ථකව නිමා කෙරිණි.   කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අලලා සිව්වන වතාවටත් සංවිධානය කෙරුණු මෙවර වැඩසටහනේ තේමාව ‘Report for Support’ විය. ශ්‍රී ලංකා පොලීසියේද සහය ඇතුව එලිෆන්ට් හවුස් ෆැක්ට්‍රිස් , Hikka Tranz by Cinnamon, කීල්ස් ෆූඩ් ප්‍රඩක්ට්ස් සහ කීල්ස් සුපර් මාර්කට් ඇතුළු ජෝන් කීල්ස් සමූහයේ ව්‍යපාර කිහිපයක සහය ඇතුව මෙවර වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ සිය සමාගම් සේවකයන් අතර මෙන්ම භාහිර ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහාය දැක්වීම සඳහා ඇති විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමයි. මේ තුලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සහ අවම කිරීම සඳහා වාර්තා කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත්ව ක්‍රියා කරන පරිසරයක් නිර්මාණය කිරීම සිදු කරයි.

    මෙහිදී ජෝන් කීල්ස් පදනම නියෝජනය කරන 30කට අධික ස්වේච්ඡා සේවක පිරිසක් විසින් කොළඹ 02, රණාල, හික්කඩුව, කළුතර සහ ජා-ඇල ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ප්‍රජාව අතර තොරතුරු කාඩ්පත් 10,000 ක් සහ පෝස්ටර් 200 ක් පමණ බෙදා හැරීමේ සිදු කරන ලදී.

    කොළඹ 02 ප්‍රදේශයේ අදාළ වැඩසටහන මෙහෙයවූ  ස්වේච්ඡා සේවක පිරිස විසින්  මෙම වැඩසටහනේ මූලික අරමුණු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන ලද අතර එහිදී ත්‍රී රෝද රථ රියදුරන්ගේ, ප්‍රදේශ වාසීන්ගේ, කාර්යාල සේවකයන්ගේ ඇතුළු  බොහෝ පිරිසකගේ ක්‍රියාකාරී සහභාගීත්වයක් දක්නට ලැබුණි. මේ හා සමානවම Hikka Tranz by Cinnamon හි ස්වෙච්චා සේවක පිරිස හටද බොහෝ දෙනෙකුගේ සහයෝගය මෙම කර්තව්‍ය සඳහා ලැබුණු අතර ඔවුන් විසින් මුලිකවම හික්කඩුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ  බැංකු වෙත ගොස්  තොරතුරු කාඩ්පත් සහ පෝස්ටර් බෙදා හැරීම සිදු කරන ලදී. තවද රණාල Elephant House  factories හි ස්වෙච්චා පිරිස විසින් නවගමුව පොලිස් ස්ථානය, කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ සහ ඒ අවට වෙළඳසැල්වල දැනුවත් කිරීම පිණිස පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමේ ව්‍යපාරයක් දියත් කරන ලදී.  මෙයට සමගාමීව ජෝන් කීල්ස් සමූහය විසින් අභ්‍යන්තර සේවක පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සිදු කරන ලදී.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ජෝන්  කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය මෙසේ පැවසීය. " වර්තමාන සමාජය තුළ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින උවදුරක් බවට පත්ව ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමේදී ඒ හා සම්බන්ධ දැනුවත් වීම ප්‍රමුඛ කාරණයක් වේ. මෙම සමාජයට අහිතකර  තත්වයන් මැඩ පැවැත්වීමට නම්  ධනාත්මක ආකල්ප වලින් පිරිපුන් සමාජයක් ගොඩ නැගීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා අත්වැල් බැඳ ගනිමින් හිරිහැර සිදුවීම් වාර්තා කිරීමේ ක්‍රම සහ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙවර අප සමාගම කැපවී සිටියා. මෙහිදී ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය මණ්ඩලයේ සිට නන් අයුරුන් සහයෝගය දැක්වූ සියළුම පාර්ශවයන් සඳහා ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා"

    ජෝන් කීල්ස් පදනම විසින් 2014 වසරේ පිහිටවන ලද  "WAVE’ (Working Against Violence through Education) ව්‍යපෘතිය හරහා ළමා හිංසනය හා  ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතුළු විවිධාකාරයේ සමාජීය ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් වාර්ෂිකව සංවිධානය කරයි. තවද මේ වසරේදී  පදනම විසින් train-the-trainer ව්‍යාපෘතිය හරහා ප්‍රථම වරට ප්‍රජාව සහ අභ්‍යන්තර සේවකයන් වෙත සිය දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවීම සඳහා ස්වෙච්චා සේවකයින් 15 දෙනුකු පුහුණු කර ඇත.

    කුසලතා ආකර්ශනය කර ගැනීමටත්, ශ්‍රම බලකායේ එලදායිතාව සහ යහපැවැත්ම වර්ධනය කිරීමටත් අත්‍යවශ්‍ය කරුණක්  ලෙස රැකියා ස්ථානය තුළ විවිධත්වය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව ජෝන් කීල්ස් සමූහය දැඩි ලෙස විශ්වාස කරයි. මේ සඳහා අවශ්‍ය ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා සෑම පුද්ගලයකුටම සමාන අවස්ථා (Equal Opportunity) සහ  නොවෙනස්ව සැලකීම (Non-Discrimination),  ලිංගික හිංසනයට එරෙහි ප්‍රතිපත්තිය සහ එච්.අයි.වී සහ ඒඩ්ස් සේවා ස්ථාන ප්‍රතිපත්ති ආයතනය තුල ස්ථාපිත කර ඇත.

    ශ්‍රී ලාංකික සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විවිධ කර්මාන්ත අංශ 7 ක සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර, වර්තමානයේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධන සම්පාදනයට හිමිකම් ලබයි.ජෝන් කීල්ස් පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසකට රැකියා සපයන අතර, වසර 14 ක් පුරා ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය ආයතනය’ ලෙස ශ්‍රේණිගත කර ඇත.  ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම ඇතුව ක්‍රියා කරයි.