ස්පාඤ්ඤ සංචාරක නියෝජිත කොංග්‍රස සැසිය සාර්ථකයි

    December, 12, 2018

    ස්පාඤ්ඤ සංචාරක නියෝජිත කොංග්‍රසය (“CEAV”) B2B සැසිවාරය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (“SLCB”) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය(“SLTPB”) යන කාර්යාංශ දෙකේ  සහයෝගිතාවයෙන් පවත්වනු ලැබිණි. කොංග්‍රසය සඳහා සඳහා සහභාගී වූවන් අතර B2B සැසිය සඳහා ස්පාඤ්ඤ  සංචාරක නියෝජිතයන්  හතළිහක් සහ ස්පාඤ්ඤ වෙළෙඳපොළ අරමුණු කර  ගන්නා අද්විතීය දේශීය සංචාරක නියෝජිත ආයතන තිස් අටක් සම්බන්ධ විය. B2B   සැසිය ආරම්භය   ප්‍රකාශයට පත් කරනු ලැබුවේ  CEAV හි සභාපති  රෆායල් ගලේගෝ නඩාල්, CEAV හි කළමනාකරු තෙජේරෝ අල්ගුඕෂිල්  සහ ශ්‍රී ලංකා සංචාරක  කර්මාන්තය නියෝජනය කරමින් SLCB හි  සාමාන්‍ය කලමනාකාර ඉරෝෂණී පෙරේරා විසිනි.

    CEAV B2B  සැසිය පැවැත්වුණේ නොවැම්බර් මස තිස් වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. වාර්ෂිකව CEAV සිය සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා යෝග්‍ය ගමනාන්තයක් සොයා බලයි. සම්මන්ත්‍රණය පැවැත්වීමට තෝරා ගනු ලබන ස්ථානයේ සංචාරයක්ද සූදානම කිරීම මගින් එකී ස්ථානය සමග සමීපතාවක් ගොඩ නගා ගනී. 2018 දී CEAV සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම  2016/17  වර්ෂවලදී ශ්‍රී ලංකා සංචාරක  අමාත්‍යවරයා සහ ප්‍රංශය් ශ්‍රී ලංකා තානාපති සහ වාණිජ කවුන්සිලය අතර ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස සහ CEAV  හි තීරණ සම්පාදකයන් දෙදෙනාට බලපෑමක් ඇති කල SLTPB, SLCB මෙන්ම ස්පාඤ්ඤ බාහිර සංචාර සංගමය ශ්‍රි ලංකාවට පූර්ව වශයෙන් සංවිධානය කල  සංචාර 2018 වර්ෂයේ දී මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමට හේතුවක් විය.

    ස්පාඤ්ඤ සංචාරක වෙළඳපල 15% ක ප්‍රමාණයෙන් වර්ධනය වන අතර වාර්ෂිකව 12%ක ක ප්‍රමාණයක් දක්වයි. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයට කදිමය. CEAV නියෝජිත පිරිස එකසිය 110 කින් සමන්විත වූ අතර , ඉන් 40 ආවෙනික සංචාරක නියෝජිත ආයතනය නියෝජනය කරනු ලැබිණි.   ශ්‍රී ලංකාව වෙත කෙරෙන ඔවුන්ගේ සංචාරවලින්  සංචාරක සහ විශ්‍රාන්ති කර්මාන්තයේ පාර්ශවකරුවන් ප්‍රමාණය වැඩිවන අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ස්පාඤ්ඤ සංචාරකයන්ගේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

    ස්පාඤ්ඤ වෙළෙඳපොළ තුළ ‍ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ස්පාඤ්ඤ සංචාරක නියෝජිතයන් වෙත තොරතුරු හුවමාරු කරග ගැනීමේ අවස්ථාවක් ලබාදෙන ලදී. CEAV නියෝජිතයන්ගේ සාමාජිකයන් මේ අවස්ථාවේදී පලකල අදහස් ඵලදායී සහ නිෂ්පාදන හැකියාවන්ගෙන් යුක්ත ය.  අමුත්තන් පිළිගැනීම් සඳහා  අලංකාර සංස්කෘතික  නර්ථනයක් ඉදිරිපත් කළ අතර එයින් ඔවුන් තෘප්තියට පත්විය.

    ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්,  මේ අවස්ථාවේදී  සංචාරක ගමනාන්තයක්   විදිහට ශ්‍රී ලංකා   ගැන බොහෝ දේ දැන ගැනීමට මට හැකියාව ලැබුණා. මේ අවස්ථාව හොඳින් සංවිධානය කර තියෙනවා  වගේම B2B සැසියෙදී ස්පාඤ්ඤ පුරා පැතිරුණු කාර්යාල අටදාහක් පමණ දකින්නට ලැබෙනවා. මෙහිදී ඉතාමත් වැදගත් වෙන්නේ  CEAV  පිටස්තර නියෝජිතයන් ශ්‍රී ලංකා පිළිබඳ තොරතුරු රැස් කිරීමත් එමගින් ස්පාඤ්ඤ සිටින සංචාරකයන්  සුන්දර ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමත් . CEAV  සම්මන්ත්‍රණය මෙහි පැවැත්වීමට අපිව දිරිමත් කිරීම් මගින් අපිපිට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරන්නටත්.CEAV   සභාපති රෆායල් නඩාල් පැවසුවේය.

    CEAV හි ජේෂ්ඨ   නිල්ධාරියෙක් වන Anna Romero,  ප්‍රකාශ කර සිටියේ B2B  සැසි ඉතාමත් වැදගත් වන බවත් එමගින් තොර තොරතුරු ලබාගත් හැකි බවත් ."අපි ශ්‍රී ලංකාවේ සම්මේලන කාර්යාංශය සමඟ  සම්බන්ධතාවන් පවත්වාගෙන ඉන්නවා.ඒ  වගේම ස්පාඤ්ඤ තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටත් අපි ඔවුන්ට උදව් කරනවා.ශ්‍රී ලංකාව ලස්සන රටක් වගේම සංචාරය කරන්න ආරක්ෂාකාරී තැනක්. ස්පාඤ්ඤ සංචාරකයන්ට වඩාත්ම වැදගත් වෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ඉතාමත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම ඒ වගේම පවතින ඓතිහාසික ස්ථාන ස්වභාවික උයන් දර්ශනීය වෙරළ තීරය ඒවගේම ජලාශ්‍රිත surfingල තල්මසුන් නැරඹීම සහ අනෙකුත් සියලුම දේවල් ."

    මේ අතරතුරේ දී CEAV  හි කළමනාකාර Mercesdes Tejero, B2B සැසි පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය."  මෙමගින් අපිට දේශීය පුද්ගලයන් පෞද්ගලිකවම හඳුනාගැනීමට වගේම ඔවුන්ගේ වටිනා යෝජනාවන් අවබෝධ කරගැනීමටත් ඒවා ජාලයට සම්බන්ධ කිරීම්ටත් හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ හරිම පුදුමාකාර රටක්. මම ශ්‍රී ලංකාවට බොහෝමයක් අවස්ථාවල පැමිණ තිබෙනවා . ස්පාඤ්ඤ මිනිස්සු ශ්‍රී ලංකාව දකින්නේ විදේශීය ගමනාන්තයක් විදිහට සහ ඒ තුළ බොහොමයක් තැන් ගවේෂණය කිරීමට තියෙන බව."

    B2B සැසියට සමගාමීව  ජාතික අත්කම් කවුන්සිලය විසින්   ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හැකියාවන් සහිත කලාකරුවන්ගේ අත්කම් සහ අනෙකුත් නිර්මාණ  ප්‍රදර්ශනය  කිරීම සඳහා  විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. එය B2B සැසියට සහභාගි වූ CEAV   සංචාරක නියෝජිතයන්ගේ  දැඩි ප්‍රසාදයට ලක් විය.