June, 7, 2023
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් හෝ අදාළ තැන්පත් කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව රක්ෂණ වන්දි මුදල් ගෙවීම 2023.06.09 වන දින සිට 2023.07.12 දක්වා ක්‍රියාත්මක කීරීමට සැලසුම් කර ඇත.
නමුත් ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විස් පීඑල්සී ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි අධිකරණයක් මගින් 2024.07.12 දිනට ප්‍රථමව ඈවරකරුවෙකු පත් කළහොත් එදින සිට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම නවත්වනු ලැබේ.
ඒ අනුව, 2023.06.09 වන දින සිට මහජන බැංකුවෙහි ඕනෑම ශාකාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර උපරිමය රු. 1,100,000 යටත්ව තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස දැනට සම්පූර්ණ රක්ෂණ වන්දි මුදල් ලබා නොගත් සුදුසුකම්ලත් තැන්පත්කරුවන් හෝ අදාළ තැන්පත්කරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත මහ බැංකුව දැනුම් දෙයි.

Video Story