සාම්පූර් ගල් අඟුරු බලාගාර යෝජනාව අද කොතනද ?

    April, 21, 2014

    මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් සඳහා අරමුදල් ලබාගැනීමට ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති,  ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් සියයට 70 ක්ම පුද්ගලික ආයෝජන මගින් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

    “ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ නැෂනල් තර්මල් පවර් කෝපරේෂන් විසින් සියයට 30 ක අරමුදල් යොදවනවා. ඉතිරි සියයට 70 ආයෝජකයින්ගෙන් ලබාගන්නවා. මෙම ආයෝජකයින් තෝරා ගැනීමට තවත් මාස දෙකක් අතුළත ටෙන්ඩර් කැඳවීමටයි බලාපොරොත්තු වෙන්නේ.“

    යනුවෙන් ගනේගල මහතා පැවසීය.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවයි.