සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් සිංගර් ලැප්ටොප්

    August, 26, 2016

    මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු වන සිංගර් සිය සමාජ මෙහෙවරහි තවත් පියවරක් ඉදිරියට තබමින් අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළින් දස්කම් දැක්වූ සිසුන් 12 දෙනකු වෙත නවතම සිංගර් X Series ලැප්ටොප් 12ක් පිරිනමයි.

    ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම ලැප්ටොප් ප්‍රදානය කිරීම පසුගිය අගෝස්තු 23 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සහ එම සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ද එක්වූහ.

    නවතම Intel Core i5 සහ 6th Generation ප්‍රොසෙසරයකින් යුක්ත සිංගර් X Series ලැප්ටොප් , 4GB RAM, 1TB Hard Disk, 15.6” HD Display, DVD RW Drive, Integrated HD Web Camera, Multi Card Reader, Wi-Fi and Bluetooth පහසුකම් වලින් සහිත වෙයි. නියම Windows 10 මෙහෙයුම් පද්ධතියකින් ද මෙම ලැප්ටොප් සමන්විත වෙයි.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වමින් සිංගර් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නැංවීම සඳහා සිංගර් නිරන්තරයෙන් සහය දක්වන බවයි. වර්තමාන තරඟකාරී ලෝකයට ගැලපෙන පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමින් සන්නද්ධ වී සාර්ථකව අභියෝග වලට මුහුණ දෙමින් සිය අනාගත සිහින සැබෑකරගැනීමට සිසුන්ට අවශ්‍ය උපකරණ සහ සම්පත් සැපයීමට හැකිවීම සිය සමාගම ලද භාග්‍යයක් බවද හෙතෙම සඳහන් කළේය. මෙලෙස ප්‍රදානය කෙරෙන ලැප්ටොප් මෙම සිසුන්ගේ උසස්පෙළ අධ්‍යාපන කටයුතු වලදී පමණක් නොව උපාධි මට්ටමේ අධ්‍යයන කටයුතු සඳහාද ප්‍රයෝජනවත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෑතකදී සිංගර් මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයක් බවට ද පත්වූ අතර ඒ සමඟින් මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාම බවට පත්වූ අනකුත් ලොව ප්‍රමුඛ සමාගම් වෙත හිමිවන පහසුකම් රැසකට හිමිකම් කීමට සිංගර් සමාගම සුදුසුකම් ලබා ඇත. මෙම උපක්‍රමීය පියවර තුළින් සිංගර් මයික්‍රොසොෆ්ට් හා ගිවිසුම්ගතව කටයුතු කරන ලොව ප්‍රමුඛ වෙළඳ නාම අතරට එක්විය. මේ අනුව මයික්‍රොසොෆ්ට් හි සහකරුවන් වශයෙන් ලොව පිළිගත් ජාත්‍යන්තර සම්මත ප්‍රමිතීන්ට අනුව සිංගර් ශ්‍රී ලංකා කටයුතු කරන බව තහවුරු කර තිබේ.

    පාරිභෝගික පහසුව තකා සිංගර් දිවයින පුරා අලෙවි සැල් 400 ක් පමණ පවත්වාගෙන යන අතර ඒ හා සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක් ද පවත්වාගෙන යනු ලබයි. මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දිවි පෙවෙත නංවාලීම සඳහා සිංගර් දෛනිකව නන් අයුරින් දායක වෙයි. පෝෂණීය අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය සහ පරිසර ආරක්ෂාව මෙන්ම තවත් සමාජ ක්‍රියාකාරකම් රැසක් සඳහා ද සිංගර් දායක වන්නේ මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහාය. සිංගර් සමාගම අඛණ්ඩව වසර 10 ක් පුරා “මෙරට අංක එකේ ජනතාවගේ වෙළඳ නාමය “යන සම්මානය ආදී සම්මාන ගණනාවක් ද දිනා තිබේ.