සැපයුම වැඩි වෙයි. බොරතෙල් මිල පහළට

    October, 28, 2015

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතී. ඊයේ දිනය (ඔක්තෝබර් 27) වන විට ලෝක බොරතෙල් මිල තීරණය කිරීමෙහිලා සැලකෙන ප්‍රධාන මිණුම් ලෙසින් දැක්වෙන West Texas Intermediate බොරතෙල් බැරලයක මිල ඩොලර් 43.20 ක් ලෙසින් වාර්තා වූ අතර, Brent බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 46.81 ක් වශයෙනි.

    මෙම මිල මට්ටම් පසුගිය මාස දෙකක කාලය පුරාවට වාර්තා වූ අවම මිල ගණන් ලෙස වාර්තා වී තිබේ.

    ලෝක ඉන්ධන නිෂ්පාදනය ඉහළ යාම තුළින් සැපයුම අධික වීම මෙසේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.