October, 14, 2020
ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2020 සැප්තැම්බර් 30 දිනට ඇති නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,652.8 ක් ලෙසින් වාර්තා වේ.
2020 අගෝස්තු 31 දිනට මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 7,430.1 ක් ලෙසිනි.
මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් මිලියන 777.3 කින් පහළ ගොස් ඇත.
මේ සඳහා ප්රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,934.4 සිට ඩොලර් මිලියන 6,175.5 ක් දක්වා පහත වැටීම හේතු වී තිබේ.
තවද පසුගිය මාසය තුළ රන් සංචිතය ද ඩොලර් මිලියන 423.8 සිට ඩොලර් මිලියන 406.2 ක් දක්වා පහළ වැටී ඇත.

Video Story