සැප පහසු ලෝකයක අත්දැකීම විඳින්න, Comfort Solutions “ShowHomes” වෙත එන්න

    July, 26, 2018

    Comfort Solutions ලංකාව පුරා “ShowHomes” 100ක් විවෘත කරයි  

     

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුසමීකරණ හා ශීතකරණ බෙදාහැරීමේ සමාගමක් වන Comfort Solutions පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ට තම නිෂ්පාදනයන්හි අත්දැකීම විඳගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ සුවිශේෂී “ShowHomes” සංකල්පය හඳුන්වා දෙනු ලබයි. එසේම ඔවුන්ගේ ප්‍රථම “World of Comfort” ප්‍රදර්ශනාගාරය නො 46/1/1, නුවර පාර, දළුගම දරණ ලිපිනයෙහි විවෘත වීමට නියමිතව ඇත.

    “මෙම නව සංකල්පය හඳුන්වා දීම අප හට සතුටට කාරණාවක්. එසේම දිවයින පුරා විසිරී සිටින අපගේ පාරිභෝගිකයින් වෙත නිවසේ හෝ කාර්යාලයේ සිටිනවාක් මෙන් සජීවී අත්දැකීමක් ලබා දෙමින් දිවයින පුරා විසිරීමට බලාපොරොත්තු වනවා.” යනුවෙන්  විවෘත කිරීමේ උත්සවයේ දී අදහස් දක්වමින් Comfort Solutions හි කලමනාකාර අධ්‍යක්‍ෂක උපේකා පෙරේරා පැවසීය.

    Blue Star වායුසමීකරණ ගෙන්වා බෙදාහරින එකම ආයතනය Comfort Solutions වන අතර ඔවුන් ආනයනය කරන නිෂ්පාදන අතර වායුසමීකරණ, ජල කූලර්, අධිශීතකරණ උපාංග සහ අයිස් කැට මැෂින් වැනි නිෂ්පාදන ද වේ.  "ShowHome" ප්‍රදර්ශනාගාර වලදී “LAVIN” සන්නාමය යටතේ එන ASA සෙවිලි තහඩු, සූර්ය විදුලි පද්ධති, බිත්ති සහ සිවිලිම් පුවරු, uPVC දොර සහ ජනෙල්, LED බල්බ සහ ජංගම සන්නිවෙදන පද්ධති ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

    Comfort Solutions සමාගම දිවයින පුරා කලාප 05කට බෙදා ඇති අතර තවත් 100 පමණ “ShowHomes” ප්‍රදර්ශනාගාර දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු සලසා ඇත. එසේම සමාගම එම පළාත් හි අලෙවිසල් අධීක්‍ෂණය කිරීම සඳහා විකුණුම් කණ්ඩායම් බඳවා ගැනීමට ද අපේක්‍ෂා කරයි.

    රට පුරා බලයලත් Comfort Solutions ජාලයට සම්බන්ධ වීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇති අතර ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0719991122 හෝ info@comfortsolutions.lk මගින් සම්බන්ද විය හැකිය.