සැලකිලිමත් වන්න.. අද දවසේ ලාභය හෙට ඔබේ දෑසේ පෙනීම සදහටම නැති කිරීමක් විය හැකියි.

    December, 11, 2017

    'ඇස දෙක වගේ රැකගන්න', මේ පොදු සමාජයේ නිතර භාවිතා වන කියමනක්. වඩා වටිනා දෙයක් ආරක්ෂා කරගැනීම ගැන කතාබහේදී මේ වැකිය නිතර භාවිතයට ගැනෙනවා. ඇස් දෙක කොතරම් වටිනවාද යන්න ගැන අවබෝද කරගන්න මේ වැකියම කදිම නිදර්ශනයක්. වඩා වටිනා දේ ඇස් දෙක වගේ රැකගන්නවා සේම ඔබේ ඇස් දෙකත් එතරම්ම රැකබලා ගත යුතුයි. නමුත් බොහෝ දෙනෙක් මේ පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලක් වන නිසාම ඇස් සම්බන්ධ ගැටළු ඇතිවීමේ ප්‍රවනතාව වැඩියි. මෙතරම් වටිනා ඇස් වෙනුවෙන් ලාභය ගැන සැලකිලිමත් වීම නිසා දෑසේ සෞඛ්‍ය සම්පන්න බව සහ පෙනීම සදහටම අහිමි කර ගැනීමට කිසිවෙකුත් කැමති නොවේවි.

    අව් කණ්නාඩි (Sunglasses) පැළඳීම වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රියයි. විලාසිතාවක් ලෙසටත් දහවල් කාලයේ අව් රශ්මියෙන් ආරක්ෂා වීමටත් මේ අව් කණ්නාඩි පැළඳීම සිදු වනවා. සුර්ය රශ්මිය සමග පොලවට එන විවිධ කිරණ අතර UV කිරණ (Ultra violet) මිනිස් ඇසට වඩා අහිතකර කිරණ වර්ගයක්. UV කිරණට නිරන්තරයෙන් නිරාවරණය වීම මගින් දිගුකාලීනව ඇසේ විවිධ ආබාධ තත්වයන් ඇතිවිය හැකියි.ඒ නිසා අව් කණ්නාඩියක් පැළඳීම විලාසිතාවකට වඩා ඇසට ඉතා හොඳ ආරක්ෂාකාරී පියවරක්. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් ඇසේ ආරක්ෂාව පිණිස පළඳින අව් කණ්නාඩියම ඇසේ විනාශයටත් හේතු වනවා. අව් කණ්නාඩි මිලදී ගැනීමේදී බොහෝ දෙනා සැළකිලිමත් වන්නේ විලාසිතාවක් ලෙස වඩාත් හොඳ පෙනුමක් සහ අඩු මිළක්. ලෝකයේ වඩාත් ජනප්‍රියම සහ ඉහළ ගුණාත්මක බවකින් යුත් අව් කණ්නාඩි නිෂ්පාදනයන්හි වෙළඳ නාමයට අනුව සැකසුනු ව්‍යාජ නිෂ්පාදන මේ වනවිට ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල අලෙවි වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. අඩු මිළ නිසාම මේ නිෂ්පාදන මිළදී ගැනීමට ඇති නැඹුරුවත් වැඩියි. නමුත් මේ අව් කණ්නාඩි පැළඳීම නිසා වන හානිය අති විශාලයි. UV කිරණ ආවරණය කිරීමට මේ ව්‍යාජ නිෂ්පාදනයන්ට හැකියාවක් නැති නිසාම ඒවා පැළඳීමෙන් අව් කණ්නාඩියකින් අපේක්ෂිත අරමුණු ඉටු වන්නේත් නැහැ. ව්‍යාජ නිෂ්පාදන මිළෙන් අඩු වුවත් එහි කල් පැවැත්ම පිළිබඳව වගකීමක් නොමැතිවා මෙන්ම ගුණාත්මක බව පිළිබඳව සහතිකයකුත් නැහැ.විශේෂයෙන්ම කුඩා දරුවන් මේ ව්‍යාජ ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන පැළඳීමෙන් ඔවුන්ගේ ඇස් වලට බරපතල හානි ඇතිවීමේ අවදානමක් සහිතයි. ව්‍යාජ නිෂ්පාදන උසස් ප්‍රමිතිගත ඉහල ගුණාත්මක බවින් යුතු නිෂ්පාදනයන්හි පිටත පෙනුම සහ හැඩය සහිතවම නිෂ්පාදනය කොට තිබීම නිසා බොහෝ දෙනෙක් රැවටීමට ලක්වනවා විය හැකියි. දිවයින පුරා බොහෝ තැන් වලින් මේ ව්‍යාජ නිෂ්පාදන මිළදී ගත හැකි නිසාම පාරිභෝගිකයින් රැවටීමට මේ ව්‍යාජ වෙළඳුන්ට පහසුවී තිඛෙනවා. නමුත් තමාගේ දෑස් පිළිබඳව අවදානයෙන් ඒවා ආරක්ෂා කරගැනීමට උනන්දු වන අයෙක් මේ නිෂ්පාදන මිලදී ගැනීමෙන් වැලකීම අනිවාර්යයි. එසේ නොවුනහොත් අකාලයේ ඔබට ඔබේ දෑසේ පෙනීම අහිමි වී යාමේ දැඩි අවධානමක් පවතිනවා.

    නියම ප්‍රමිතියට නිෂ්පාදනය කළ ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් සහිත සුපිරි වෙළඳ නාමයන්ගෙන් එන අව් කණ්නාඩි නිෂ්පාදන ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමට හැකියාව තිඛෙනවා. දිවයිනේ ප්‍රමුඛතම අක්ෂි සේවා සපයන ආයතනය වන Vision Care ආයතනය මගින් මේ ඉහල ගුණාත්මක බවින් යුතු ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි නිසි වගකීමක් සහිතව මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව තිඛෙනවා. විශේෂයෙන්ම ඔබ ඔබේ පෙනීමේ දුර්වලතා හේතුවෙන් ඇස් කණ්නාඩි පලන්දින්නෙක් නම්, ඔබේ ඇසට සරිලන අයුරින් අදාළ කාච සහිතව අව් කණ්නාඩිය (Prescription Sunglasses)
    නිර්මාණය කර දීමේ පහසුකම් Vision Care ආයතනය සතුයි. එසේම ඇස් පරික්ෂා කොට එම දත්ත අනුව අව් කණ්නාඩි නිෂ්පාදනය කොට දීමේ හැකියාවත් Vision Care ආයතනයට තිඛෙනවා. දශක දෙකකට අධික කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නමක් සහිත ආයතනයක විශ්වසනීය පළපුරුදු කාර්ය මණ්ඩලයක සුහදශීලි කාර්යක්ෂම සේවය ලබාදීමට Vision Care ආයතනය සුදානම්. ඔබට වඩා වටිනා සම්පත ඔබේ දෑස් පිළිබඳව ඔබ මෙන්ම සැලකිලිමත් වෙමින් සිය සේවය උපරිමයෙන් ලබාදීමට Vision Care ආයතනය හැමවිටම කටයුතු කොට තිබීම ඔවුන්ගේ විශේෂත්වයක්. දෑස් අනතුරේ නොදමා ව්‍යාජ නිෂ්පාදනයන්ට නොරැවටී ඉහල ගුණාත්මක බවින් යුතු නිෂ්පාදනයන් මිළදී ගැනීමට නම් Vision Care ආයතනයම තෝරාගත යුත්තේ ඒ නිසාමයි.