සෑම පාරිභෝගිකයෙකුට ම තෑගි පිරිනමන දැවැන්ත ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ ඇරඹේ

    February, 16, 2021

    රු. මිලියන 20 ක් වටිනා තෑගි පිරිනැමීමට නියමිතයි

     

    මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ ප්‍රමුඛයාවන Chevron Lubricants Lanka සමාගම, සිය පාරිභෝගිකයන් ඇගයීම සඳහා 'Caltex Havoline තෑගි එන්ජිම' දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ පෙබරවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා දියත් කරන බව නිවේදනය කළේය. වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ වුව ද Caltex සමාගම සිය ළෙන්ගතු පාරිභෝගිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට තීරණය කර ඇත.

     

    ''Caltex Havoline තෑගි එන්ජිම Season 2' හරහා Havoline යතුරුපැදි ඔයිල් නිෂ්පාදන මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම ත්‍යාග පිරිනැමේ. Havoline නිෂ්පාදන මිලදී ගැනීම හරහා යතුරුපැදියේ වැදගත් ම කොටසවන එන්ජිම ආරක්ෂා කර ගැනීමට මෙන්ම නියත වශයෙන් ම ත්‍යාග ලාභියෙකු බවට පත්වීමේ අවස්ථාව ද පාරිභෝගිකයන් හට උදා වේ. යතුරුපැදි සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති Havoline super 4T SAE 20W40, Havoline Super 4T SAE 20W50, Havoline Super 4T SAE 10W30 හෝ ස්කූටර් සඳහා ම විශේෂිත Havoline Supermatic SAE 10W30 ඔයිල් මිලදී ගන්නා පාරිභෝගිකයන් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් ලබයි. 4T ඔයිල් ප්‍රවර්ධන පැක් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම මෙරට සියලු ම දුරකථන සබඳතා ජාල ආවරණයවන පරිදි ක්ෂණිකව ජංගම දුරකථන රීලෝඩ් පහසුකමක් හිමි වේ.

     

    මෙම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, මාස දෙකක කාලය පුරා රු. මිලියන 15 ක වටිනාකමකින් යුතු රීලෝඩ් ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතය. මෙහිදී සෑම පාරිභෝගිකයෙකු ම ජයග්‍රාහකයෙකුවන අතර ඔවුන් කළ යුත්තේ ප්‍රවර්ධන පැක් සමඟ ඇති සූරන කාඩ්පතේ ඇති රහස් අංකය කෙටි පණිවිඩයක් ලෙස '2343' අංකයට SMS කිරීම පමණි. ජංගම දුරකථන රීලෝඩ්වලට අමතරව ප්‍රවර්ධන වැඩසටහන හරහා කුසපත් ඇදීමෙන් දිනපතා ස්මාර්ට් ජංගම දුරකථන දෙකක්, සතිපතා රන් පවුම් තුනක් පිරිනැමෙන අතර සෑම සතියකදී ම ජයග්‍රාහකයන් 17 දෙනෙකු බිහි කෙරේ. ජයග්‍රාහකයන්ගේ නම් Caltex Sri Lanka ෆේස්බුක් පිටුවේ පළ කෙරෙන අතර Chevron ඇමතුම් මධ්‍යස්ථානයෙන් ත්‍යාග ලබා ගැනීම පිළිබඳ තොරතුරු දැනුම්දීමට කටයුතු කෙරේ. https://chevron.lk/havolone-thagi-engima-season2/ සබැඳිය හරහා මේ සම්බන්ධ නියමයන් සහ කොන්දේසි දැකගත හැකිය.

     

    "මෙම කාලය අපගේ සියලු ම පාරිභෝගිකයන් හට ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව අප දන්නවා. පසුගිය මාස කිහිපය සියලු දෙනාටම ඉතාම අසීරු කාල පරිච්ඡේදයක් බවට පත් වුනා. ඒ කෙසේ වෙතත් පාරිභෝගිකයන් තමන්ගේ වාහනය සහ එන්ජිම ආරක්ෂා කර ගැනීම සඳහා උපරිමයෙන් කැප වන්නට ඇති. 'Caltex Havoline තෑගි එන්ජිම Season 2' යනු එම පාරිභෝගික ජනතාවට අපගේ කෘතවේදීත්වය පළ කිරීමට සහ ඔවුන් තම වාහනයේ එන්ජිම ආරක්ෂා කර ගැනීමට ගන්නා යහපත් ක්‍රියාමාර්ග ඇගයුමට ලක් කිරීමට අප දියත් කරන වැඩසටහනක්. Chevron සන්නාමයේ නවීන නිෂ්පාදන, ලිහිසි තෙල් සම්බන්ධ විශේෂඥ දැනුම සහ නවෝත්පාදන තාක්ෂණික ක්‍රමවේද හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම අපගේ අරමුණයි," යනුවෙන් Chevron Lubricants Lanka සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහම්මද් නජාම් ශම්සුදීන් මහතා ප්‍රකාශ කළේය.

     

    බලශක්ති ක්ෂේත්‍රයේ ලොව ඉහල ම සමාගම් පහ අතර රැඳෙන Chevron Global සමාගමට අනුබද්ධිත Chevron Lubricants Lanka සමාගම මෙරට පුරෝගාමී අලෙවිකරුවෙකු ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. ක්ෂේත්‍රයේ මනා ලෙස ස්ථාපිත ප්‍රමුඛ සමාගමක්වන Chevron Lubricants Lanka සමාගම Caltex, Havoline, Delo (කැල්ටෙක්ස්, හැවොලින්, ඩෙලෝ) ආදී ගෝලීය ලිහිසි තෙල් සන්නාම මෙන්ම දේශීය සන්නාමයක්වන Lanka Lubricants (ලංකා ලුබ්‍රිකන්ට්ස්) සන්නාමය ද අලෙවි කිරීමේ නිවහන වෙයි. මෝටර් රථ ලිහිසි තෙල්, යතුරුපැදි ඔයිල්, ඩීසල් එන්ජින් ලිහිසි තෙල්, කාර්මික ලිහිසි තෙල් සහ වෙනත් අතිරේක නිෂ්පාදන ඇතුළු පරිපූර්ණ නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට නිකුත් කරමින් එම සමාගම පාරිභෝගිකයන්ගේ රථ-වාහනවල උපරිම කාර්යසාධනය තහවුරු කිරීමට කැප වී සිටී.