සිංගර් ශ්‍රී ලංකා විසින් විශාලතම Intel NUC පරිගණක අලෙවිය සිදු කරයි

    June, 19, 2018

    ORELIT ගාල්ල ශාඛාව සඳහා පරිගණක 500ක් මිලදී ගනියි

    මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා මෙතෙක් ශ්‍රී ලංකාවේ එකවර අලෙවි කළ විශාලතම Intel NUC (Next Unit of Computing) ඒකක තොගය වශයෙන් පරිගණක 500ක්  ORELIT  සඳහා අලෙවි කරයි.

    තත්වයෙන් උසස් Intel NUC ඒකක තොගය මිලදී ගෙන ඇත්තේ ORELIT විසින් වන අතර එහි නවතම ශාඛාව වන ගාල්ල ශාඛාව සඳහා මෙම ඒකක තොගය මිලට ගෙන ඇති  බව වාර්තා වෙයි. Intel හි නවතම NUC ඒකක මේ යටතේ අලෙවි කර ඇති අතර ඒවා 6th generation Intel Core ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර මහා පරිමාණ කාර්යාල, නිවාස ආශ්‍රිත කාර්යාල, ඩිජිටල් ආරක්ෂක පද්ධති, ගෘහාශ්‍රිත පරිහරණය, පරිගණක ක්‍රිඩා,  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සමුළු පැවැත්වීම, සඳහා ඉතා සුදුසු ආකාරයට නිපදවා තිබේ.  Intel වෙතින් ලබාදෙන වසර 3ක වගකීමක් සහ සිංගර් ශ්‍රී ලංකා හි විශිෂ්ට  පාරිභෝගික සේවා පහසුකම් වලින්  යුක්තව මෙමNUC ඒකක අලෙවි කෙරයි.

    සිංගර් ශ්‍රී ලංකා හි ආයතනික අලෙවි  අංශය විසින් මෙම වාර්තාගත අලෙවිය සිදු කර ඇති අතර මෙම අංශය විසින් ලෝ ප්‍රකට විශිෂ්ට නිෂ්පාදන රැසක් මෙරට ප්‍රමුඛතම සමාගම් රැසකට අලෙවි කරනු ලබයි. එම ප්‍රමුඛතම නිෂ්පාදන අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයීමට ද සිංගර් ශ්‍රී ලංකා කටයුතු කරයි.  ORELIT යනු Orel Corporation Ltd හි අනුබද්ධිත ආයතනයක් ලෙස  වසර 2010 දී ස්ථාපනය කරන ලද ආයතනයක් වන අතර දේශිය හා විදේශිය වශයෙන් තොරතුරු තාක්ෂණ සේවා, ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා බාහිර සම්පත්දායකත්වය සැපයීමේ නියුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ආයතනයකි.  ශ්‍රී ලංකාවේ විශාලතම KPO/BPOසේවාවල නිරත සමාගම ලෙස ප්‍රකට ORELIT සියලුම ආකාරයේ තොරතුරු තාක්ෂණ හා බැඳුනු ව්‍යාපාර කටයුතු එනම් KPO, BPO, තොරතුරු තාක්ෂන සේවා,මෘදුකාංග, දෘඩාංග, ජාල සබඳතා, ජංගම හා වෙබ් නිර්මාණකරණය හා සංවර්ධනය යන කටයුතු වල නිරත විසඳුම් සහ ව්‍යාපෘති නමින් ඒකක දෙකක් පවත්වාගෙන යන සමාගමකි.

    මෙම වාර්තාගත අලෙවිය පිළිබඳව සිය අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ මෙම අවස්ථාව සමාගම් දෙකට මෙන්ම සිංගර් හි සමූහ අලෙවි අංශයට ඉතා වැදගත් අවස්ථාවක් වන බවයි.ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම  Intel NUC ඒකක තොගය අලෙවි කිරීමට අවස්ථාව හිමිවීම සිය සමාගම ලත් සුවිශේෂි අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය. ලොව ප්‍රමුඛතම සන්නාම රැසකින් යුතු විශිෂ්ටතම භාණ්ඩ මෙරට ආයතන රැසකටම සැපයීම සහ ඒ පිළිබඳව අලෙවියෙන් පසු දක්වන විශිෂ්ට සේවාව යනාදී කරුණු මඟින් සිංගර් හි සමූහ අලෙවි අංශය හිමිකරගෙන ඇති විශ්වාසය මෙම ගණුදෙනුව සඳහා විශේෂයෙන් බලපා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම  තත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් තවදුරටත් ලොව හොදම සන්නාම රැසක් ඉදිරියේදී ද විවිධ ආයතනවල අවශ්‍යතාව පරිදි සපයා දීමට අපේක්ෂා කරන බවත්,එමඟින් එම ආයතනවල ඵලදායිතාව ඉහළ නංවා ගත හැකි බව ද සඳහන් කළේය.

    ORELIT හි උප සභාපති උපේන්ද්‍ර පීරිස් මෙහිදී කියා සිටියේ වෘත්තියවේදීන් දෙදෙනෙකු විසින්  කුඩා පරිමාණයෙන් ආරම්භ කළ මෙම  ව්‍යාපාරය වසර කිහිපයක් තුළ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇති බවයි. මෙහි එක් සාධනීය පියවරක් ලෙස සිය ගාල්ල ශාඛාව ආරම්භ කරන බව පෙන්වා දුන් උපේන්ද්‍ර පීරිස් මහතා කියා සිටියේ සිය ආයතනය යටතේ ක්‍රියාත්මක ශාඛා 4ක 2700 කට අධික පිරිසක් සේවය කරන  බවයි.  එහි කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සඳහා සිංගර් විසින් හඳුන්වා දෙන නවතම තාක්ෂණයෙන් යුතු  Intel NUC ඒකක සිය ශාඛා ජාලය සඳහා මිලට ගැනීමට තීරණය කළ බවද  ඔහු පෙන්වා දුන්නේය.

    සිංගර් හි ආයතනික අලෙවි අංශයට සමගාමීව සිල්ලර අලෙවි අංශයද සාර්ථක අලෙවි ක්‍රියාදාමයක නිරත අතර   ඒ යටතේ පාරිභෝගිකයින් වෙත  Sony, Sharp, Hitachi, Samsung, Mitsubishi, Beko, Huawei, Dell, Moulinex, Tefal, Singer, SISIL, TCL සහ  Whirlpoolවැනි  තත්වයෙන් උසස් ලොව ප්‍රකට සන්නාම රැසක නිෂ්පාදන තිළිණ කරමින් සිටියි. දිවයින පුරා විහිදුනු අලෙවි සැල් 420කට අධික ප්‍රමාණයක් ඔස්සේ සහ 2800 කට අධික නියෝජිත අලෙවි ජාලය ඔස්සේ එම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කර තිබේ.  එම භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් වෙත පොළී රහිත ගෙවීම් ක්‍රම, විශේෂ වට්ටම්, මිළ අඩුකිරීම් ,නොමිලේ දීමනා, ක්‍රෙඩිට් කාඩ් සඳහා විශේෂ අවස්ථා ආදී  විවිධ වරප්‍රසාද හා අවස්ථා රැසක් සිංගර් විසින් පිරිනමනු ලබයි.

     

    ඡායාරූප - වමේ සිට ORELIT තොරතුරු තාක්ෂණ ප්‍රධානි චරිත් ජයනෙත්ති සහ උප සභාපති උපෙන්ද්‍ර පීරිස් සහ සිංගර් ශ්‍රී ලංකා පීඑල් සී  මෙහෙයුම් අධ්‍යක්ෂ  චන්දන සමරසිංහ සහ සමූහ අලෙවි කළමණාකරු වරුණ වික්‍රමසිංහ යන මහත්වරු