සිංගර් ශ්‍රී ලංකා සමාගම Google Android සමගින් නවත ම Singer Epic 4K Artificial Intelligent රූපවාහිනිය හඳුන්වා දෙයි

    November, 8, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන සිංගර් ශ්‍රී ලංකා සමාගම, තවත් නවත ම රූපවාහිනී මාදිලි පෙළක් පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී හඳුන්වා දුන්නේය.

    මෙම නවත ම Singer Epic 4K Artificial Intelleigent (AI) ස්මාර්ට් රූපවාහිනී මාදිලි පෙළ හඳුන්වා දීමේ උළෙල සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය නියෝජනය කරමින් තවත් මහත්ම මහත්මීහු විශාල පිරිසක් සහභාගී වූහ.

    Singer Epic AI ස්මාර්ට් රූපවාහිනී සිංගර් සමාගමේ වඩාත් සුවිශේෂී මිල ගණන් යටතේ මිලදී ගත හැකි ඉහළ පෙළේ රූපවාහිනී මාදිලි පෙළක්වන අතර අඟල් 43, අඟල් 49, අඟල් 58, අඟල් 65 සහ අඟල් 75 යන ප්‍රමාණවලින් වෙළඳපලට නිකුත් කර ඇත. මෙම සියලු රූපවාහිනී යන්ත්‍ර Android TV තාක්ෂණයෙන් යුතුවන අතර Google Android සමග සම්බන්ධ වූ ප්‍රථම දේශීය TV සන්නාමය බවට සිංගර් පත්විය. Android TV Google Assistant පහසුකමින් යුතුවන අතර, "OK Google" ලෙස ඇමතීමෙන් හෝ දුරස්ථ පාලකයේ මයික්‍රෆෝන බසරය එබීමෙන් තමන්ට අවශ්‍ය තොරතුරැ ලබාගැනීමට පාරිභෝගිකයන්ට හැකිය.

    Android 8.0 මෙහෙයුම් පද්ධතිය පහසු UI තාක්ෂණයෙන් සහ පුළුල් ගෝලීය අන්තර්ගතයන්, විශාල මතකයක් සහ ස්මාර්ට් Google Assistant තාක්ෂණයෙන් සමන්විත වේ. 4K 360 වීඩියෝ, VR ආදී පහසුකම්වලින් සමන්විත YouTube 2018 සමගින් රූපවාහිනී කතා මාලා සහ සිනමා පට ද, 40,000,000කට අධික ගීත ද Google පද්ධතිය හරහා රස විඳිය හැකිය. Entertainment Station හෝ Google play store මගින් යෙදවුම් සහ ක්‍රීඩා 3600කට අධික ප්‍රමාණයකට පිවිසීමේ හැකියාව ද Android 8.0 මෙහෙයුම් පද්ධතියේ ඇති තවත් විශේෂත්වයකි. Quad core CPU එකකින් සහ ජවසම්පන්න GPU එක මගින් රසිකයන් හට අපූර්ව අත්දැකීමක් හිමිකර දීමට මෙම රූපවාහිනී මාදිලි පෙළට හැකිය. නිරවද්‍ය අවබෝධයක්, ඉහළ මට්ටමේ අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ කාර්යක්ෂමතාවක් සහිත Google Assistant තාක්ෂණය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල භාවිත අත්දැකීම තවත් උපරිම කරයි. Bridge Connection තේමාව සමගින් එන Smart Home සංකල්පයට අනුව 200කට අධික සන්නාම සහ 1500ක් පමණ විවිධ වර්ගයේ ස්මාර්ට් උපාංග භාවිත කිරීමේ හැකියාව ද පාරිභෝගිකයාට හිමිවේ.

    අඟල් 75 රූපවාහිනියේ සියලු ම ප්‍රධාන අංග ටයිටේනියම් ලෝහ මිශ්‍රණයකින් නිමවා ඇති බැවින් රූපවාහිනිය ඕනෑම බාහිර පීඩනයකට සහ සීරීමකට ඔරොත්තු දෙයි. මෙම අඟල් 75 රූපවාහිනී යන්ත්‍රය වෙනත් සන්නාම යටතේ වෙළඳපලට නිකුත් කර ඇති අඟල් 75 රූපවාහිනී යන්ත්‍රවල මිල මෙන් 1/3ක මිලකට අලෙවි කිරීම විශේෂත්වයකි. IPS තිරය, කළු පැහැය උද්දීපනය කරන local dimming පහසුකම, HDR 10 සහ HLG විකේතනය ආදී තාක්ෂණික විශේෂාංග හරහා මෙම රූපවාහිනී යන්ත්‍රයේ දර්ශනවල ප්‍රමිතිය ඉතා උසස් මට්ටමක පවතී. දර්ශන රූපාන්තරණය (Scene Modification), පින්තූර සුමටකරණය (Picture Smoothening), වර්ණ අනුපුරණය (Colour Compensation), මතුපිට වර්ණ වැඩිදියුණු කිරීම සහ HDR+ තාක්ෂණය සමගින් දර්ශන තිරය පුළුල් ලෙස වැඩිදියුණු කිරීම් රැසකට ලක්කර ඇත. HDR+ තාක්ෂණය විශිෂ්ට ප්‍රමිතියෙන් යුතු දර්ශන ලබාදෙයි.

    සිංගර් දැනට වෙළඳපලේ අලෙවි කෙරෙන අඟල් 55 4K රූපවාහිනී මාදිලියේ මිලට ම නව අඟල් 58 Ultra HD ස්මාර්ට් රූපවාහිනිය හඳුන්වා දී ඇත. අඟල් 43 සහ 49 රූපවාහිනී ඉදිරි සවුන්ඩ් බාර් එකකින් යුතුවන බැවින් ශබ්දය ඉතා සුපැහැදිලි ලෙස ශ්‍රවණය කිරීමට පාරිභෝගිකයාට හැකිවේ. මෙම සියලු රූපවාහිනී යන්ත්‍ර Dolby Atmos, Dolby Vision, DTS TruSurround සහ WiFi ආදී විශේෂාංගවලින් යුතුවන බැවින් පාරිභෝගිකයාට නියම සිනමාත්මක අත්දැකීමක් නිවසේදී ම හිමිකර දෙයි. මෙම නව රූපවාහිනී මාදිලි පෙළ වසර 3ක පරිපූර්ණ නිෂ්පාදන වගකීම සහිතව සිංගර් සමාගමේ කීර්තිමත් අලෙවියෙන් පසු සේවාව සමගින් මිලදී ගත හැකිය.

    "අපගේ පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා නවීනත ම තාක්ෂණයෙන් යුතු උපාංග හඳුන්වා දීම සඳහා සිංගර් සමාගම මෙරට ජනතාව අතර නොමැකෙන නාමයකට හිමිකම් කියනවා. මෙම නවත ම Singer Epic 4K මාදිලිය උසස් සිනමා රසවින්දනයකට මග විවර කර දෙමින් පවුලේ සැමට නියමාකාර අත්දැකීමක් උරුමකර දී තිබෙනවා" යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙම උළෙලේදී සඳහන් කළේය.

    සිංගර් ශ්‍රී ලංකා සමාගම Sony, Beko, Huawei, Dell, Moulinex, Tefal, SISIL, Samsung, Hitachi, TCL, Sharp, Whirlpool සහ Mitsubishi ආදී ඉහළම ප්‍රමිතියෙන් යුතු ජාත්‍යන්තර සන්නාම රැසක් මෙරට ජනතාව වෙනුවෙන් පිරිනමන කීර්තිමත් සමාගමකි. 425කට අධික සිංගර් ප්‍රදර්ශනාගාර සහ 2,800කට අධික වෙළඳ නියෝජිතයන් පිරිසකගෙන් සැදුම්ලත් මෙරට විශාලත ම බෙදාහැරීමේ ජාලයට මෙන්ම අසමසම අලෙවියෙන් පසු සේවා ජාලයකට ද එම සමාගම හිමිකම් කියයි. මිලදීගැනීම් සිදු කිරීමේදී පාරිභෝගිකයන් හට උපරිම නම්‍යශීලිතාවක් උරුමකර දීම සඳහා සිංගර් සමාගම පාරිභෝගිකයන් සඳහා පොළී රහිත ගෙවීම් ක්‍රම, විශේෂ වට්ටම්, භාණ්ඩ හුවමාරු වට්ටම්, නොමිලේ දීමනා සහ ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා ආදී පහසුකම් රැසක් පිරිනමයි. එවැනි උත්සාහයන් නිසාම එම සමාගම සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර අඛණ්ඩව වසර දොළහක් මෙරට ජනතා සම්මානය හිමිකර ගැනීමට ද සිංගර් නාමය සමත්ව සිටී.