සිංගර් ශ්‍රී ලංකා සහ සෝනි එක්ව OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් හඳුන්වා දෙයි

    October, 13, 2018

    ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED සහ 4K HDR TV රූපවාහිනී පෙළක් හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම රූපවාහිනී හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර එහිදී MASTER කාණ්ඩය යටතේ A9F සහ Z9F නවතම සෝනි රූපවාහිනි මාදිලි හඳුන්වාදීම සිදුකෙරිණ. සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා, අළෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, වෙළඳ කලමණාකරු පියුම් ජයතිලක මහතා, සිංගර් ශ්‍රී ලංකා සන්නාම කළමණකාරු තාරක වර්ණකුලසූරිය යන මහත්වරුන් මෙන්ම සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග්, සෝනි අග්නිදිග ආසියා කලාපීයානූ අලෙවිකරණ ප්‍රධානී ජෙරමි හෙන්ග් සහ සෝනි ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ වෙළඳ ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු එක්ව සිටියහ.

    වඩා සුපැහැදිලි තීව්‍ර, වර්ණ සහිත මෙම A8F සහ X9000F මාදිලියේ රූපවාහිනී 4K HDR රූප ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. 2017 වසරේදී BRAVIA සන්නාමය යටතේ සෝනි විසින් 4K HDR OLED TV රූපවාහිනී මාදිලිය හදුන්වා දුන් අතර එය වැඩිදියුණු කරමින් BRAVIA OLED යටතේ කැපී පෙනෙන පෙනුමකින් යුක්ත නවතම OLED TV හඳුන්වා දෙන ලදී. සෝනි හි ආවේණික 4K HDR picture processor-X1 Extreme පහසුකම සහිත නව A8F මාදිලිය උසස් තත්වයේ රූප පමණක් නොව වඩා සුපැහැදිලි, ශබ්දයකින් ද යුක්ත වෙයි.

    මෙම නවතම රූපවාහිනි මාදිලි හදුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ නිරන්තරයෙන් හොඳම නිෂ්පාදන, සේවා සමග පාරිභෝගිකයා වෙත ප්‍රශස්ත අත්දැකීම් තිළිණ කරන සිංගර් විසින් සිදුකරන මෙම හඳුන්වාදීම මෙරට ජනතාවට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇති බවයි. සෝනි හා එක්ව සිදුකරන මෙම නව හදුන්වා දීම මගින් මෙරට ඇති නවීනතම තාක්ෂණයෙන් යුතු රූපවාහිනි පරිහරණය කිරීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවන බව පෙන්වා දුන්නේය. තාක්ෂණය අතින් නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම රූපවාහිනි මෙරට ජනතාවගේ ජීවන තත්වය තව තවත් උසස් කරනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    OLED TV හි A8F series මාදිලියේ රූපවාහිනී කළු වැනි ගැඹුරු වර්ණයන් මෙන්ම පරිපූර්ණ වර්ණාවලියකින් යුතු රූපවාහිනී වන අතර පුළුල් පරාසයක හිඳ නැරඹීමට අවශ්‍ය පහසුකම් මෙමගින් හිමිවෙයි. අඩ සියවසකටත් අධික කාලයක් ලොව පුරා ජනාදරයට පත් සෝනි හි රූප ප්‍රසාරණය කිරීමේ විශේෂඥ තාක්ෂණික කුසලතාව අනුව මිලියන 8ක් පමන වන OLED pixels මගින් රූප සජීවිකරණය කෙරෙන අතර 4K HDR තාක්ෂණික මගින් එය වඩා තීව්‍ර කරවයි. එමෙන්ම Acoustic Surface තාක්ෂණය මගින් වඩා සුපැහැදිලි ශබ්ද තිළිණ කෙරෙන අතර පරිපූර්ණ රසවින්දනාත්මක අත්දැකීමක් එමගින් නිර්මාණය කෙරෙයි.

    මෙම අවස්ථාව ඇමතූ සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූරු) සමාගමේ ශ්‍රී ලංකා කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග් සඳහන් කළේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ හඳුන්වා දීම් රැසක් ශ්‍රී ලංකාවට තිළිණ කිරීමට සෝනි කටයුතු කර ඇති බවයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය සම්පුර්ණ කෙරෙන උසස් තත්වයේ නිෂ්පාදන නිරතුරුවම සෝනි වෙතින් හදුන්වා දෙන බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

    මීට සමගාමීව සෝනි විසින් පාරිභෝගික ඉල්ලීම පරිදි පුළුල් පරාසයක 4k HDR රූපවාහිනී රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ. නවතම X9000F මාදිලිය X1 Extreme ප්‍රොසෙසරයක් සහිතව අගල් 85’’, 75’’, 65’’, 55’’ සහ 49’’ ප්‍රමාණයෙන් මාදිලි පෙළක් වෙළඳ පලට හදුන්වා දී තිබේ.

    A8F සහ X9000F යන මාදිලි දෙකම Dolby Vision හා සමගාමීව ක්‍රියාත්මක වන අතර HDR මාදිලියේ ක්‍රියාකාරීත්වයෙන්ද යුක්ත වෙයි. මෙමගින් වඩාත්ම සිනමාත්මක, ආකර්ශණීය, රූපමය අත්දැකීමක් අත්විඳීමට අවස්ථාව හිමිවෙයි.

    මීට අමතරව හඳුන්වා දෙන ලද A9F සහ Z9F මාදිලි උසස් තත්වයේ සුපැහැදිලි රූප සහිත MASTER රූපවාහිනී මාදිලි වෙයි. සෝනි යන සන්නාමය ඇසූ පමණින්ම වඩා සුපැහැදිලි රූප සහිත රූපවාහිනී ඔනෑම අයෙකුට සිහිපත් වන අතර මෙම නවතම MASTER මාදිලිය නිවසේ සිට උසස් තත්වයේ රූප රාමු නැරඹීමේ අවස්ථාව උදා කර දෙයි. 4K චිත්‍රපට මාදිලියේ සිට වීඩියෝ, නිශ්චල කැමරා, ක්‍රීඩා පුවරු, ජංගම දුරකථන, ආදී සියල්ලක් සඳහා 4K තාක්ෂණය යොදාගන්නා එකම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදකයා වන්නේ සෝනි සමාගමයි.

    A9F සහ Z9F යන MASTER මාදිලිය වැඩිදියුණු කරන ලද X1 ප්‍රොසෙසරයක් සහිතව නිපදවා තිබේ. මෙම ප්‍රොසෙසරය මගින් විවිධ වස්තූන් වෙන වෙනම පැහැදිලිව හදුනාගනිමින් ඒවා නිවැරදිව සවිස්තරාත්මකව ප්‍රතිනිර්මාණය කරයි. මෙම මාදිලිවල Android 8.0 Oreo පහසුකම ඇති නිසා හඩ භාවිතයෙන් මෙහෙයවීමේ හැකියාව සහිත වෙයි. විවිධ නාලිකා වෙනස් කිරීම, සහ අනිකුත් පහසුකම් ක්‍රියාත්මක කරවීම මෙමගින් වඩා පහසු කර තිබේ. මෙම මාදිලි දෙකම මයික්‍රොෆෝන සහිතව නිදපවා ඇති අතර සොයාගැනීමට අවශ්‍ය දේ හඩ නගා කීමෙන් ඒ අනුව ක්‍රියාකිරීම් හැකියාව සහිතව නිපදවා තිබේ. මේ අනුව රූපවාහිනිය ක්‍රියාත්මක කරවීම දෑතින් දුරස්ථ පාලකයක් යොදාගනිමින් සිදුකළ යුතු ක්‍රියාවක් බවට පත් නොවේ.

    සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම ඛෙදාහැරීම් ජාලය හිමි සමාගම ලෙස ප්‍රදර්ශනාගාර 430 කට අධික ප්‍රමාණයක් සහ 600 කට අධික වෙළෙද නියෝජිත ජාලයක් දිවයින පුරා පවත්වාගෙන යන සමාගමකි. මෙම ඛෙදාහැරීම් ජාලයට සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක් ද සිංගර් (ශ්‍රී ලංකා) විසින් පවත්වාගෙන යනු ලබයි. තවද මිලදී ගැනීම් වලදී පාරිභෝගිකයා වෙත වඩාත් නම්‍යශීලි සේවාවක් සපයන සිංගර් ශ්‍රී ලංකා පොලි රහිත ගෙවීම් ක්‍රම, විශේෂ මිල අඩුකිරීම්, සිංගර් වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් සඳහා නොමිලේ දීමනා ආදී වරප්‍රසාද රැසක් පිරිනමනු ලබයි. සිංගර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර 12කදී "ජනතා සන්නාමය" ලෙස සම්මාන ලබා ඇති අතර මෙරට අංක එකේ පාරිභෝගික සමාගම ලෙස තවත් සම්මාන රැසක් හිමිකරගෙන සිටියි.

    පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදයේ ප්‍රමුඛයින් වන සෝනි කෝපරේෂන් ආයතනය වීඩියෝ, ඕඩියෝ, ක්‍රීඩා, සන්නිවේදන, සහ තොරතුරු තාක්ෂණික උපාංග, ආදී ක්ෂේත්‍රවල නිරත සමාගමකි. සංගීතය,ඡායාරූප, පරිගණක, රසවින්දන සහ ඔන්ලයින් ව්‍යාපාර වල නියුතු සෝනි සමාගම ලෝකයේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික සහ රසවින්දන සමාගමයි. 2018 වසරේ මාර්තු 31 වන විට සෝනි සමාගමේ වාර්ෂික වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 77 කි.