සිංගර් ෆයිනෑන්ස් ළමා ඉතුරුම් ගිණුම් සහ ස්ථිර තැන්පතු සඳහා අගනා තෑගි පිරිනමයි

    May, 26, 2016

    ස්ථිර තැන්පතු සහ ළමා ඉතිරිකිරීමේ ගිණුම් ශේෂයන් සඳහා පිරිනැමෙන අසමසම පොළී අනුපාතවලට අමතරව සෑම ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ස්ථිර තැන්පතුවක් සඳහා අගනා ත්‍යාග පිරිනැමීමට ද සිංගර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම කටයුතු කරයි.

    සිංගර් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු සඳහා හඳුන්වා දුන් "ඉතුරුම් වසන්තය" වැඩසටහන තුළින්, රු. 250,000 ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු සඳහා එදිනෙදා ජීවන රටාවට වඩාත් ප්‍රයෝජනවත්වන ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමි වේ. මෙම දීමනාව 2016 මැයි මස 31 වනදා දක්වා වලංගු වේ.

    රු. 250,000 ක ස්ථාවර තැන්පතු හිමිකරුවන් සඳහා ප්‍රෙස්ටීජ් ගෑස් උඳුනක් හෝ මයික්‍රොවේව් උඳුනක් හෝ Huawei ජංගම දුරකථනයක් හෝ හිමිකර ගත හැකි අතර, රු.500,000 ක ස්ථාවර තැන්පතුකරුවන් හට මයික්‍රොවේව් උඳුනක් හෝ Huawei ජංගම දුරකථනයක් හිමිකර ගත හැකිය.

    රු. මිලියනයක තැන්පතු සඳහා සිංගර් ෆයිනෑන්ස් වෙතින් අඟල් 32 LED රූපවාහිනී යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, සිසිල් ශීතකරණ හෝ Huawei ජංගම දුරකථන ඇතුළු අගනා ත්‍යාග රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව උදා වේ.

    රු. මිලියන දෙකක තැන්පතුකරුවන් හට අඟල් 40 LED රූපවාහිනී යන්ත්‍ර, ගෑස් ලිප සහිත උඳුනක්, ලැප්ටොප්, සිසිල් ශීතකරණ ආදී ත්‍යාග අතරින් තමන් කැමැති ත්‍යාගයක් තෝරා ගත හැකිය.

    මෙම සියලුම තැන්පතුකරුවන් හට 9% ක වාර්ෂික පොළියක් හිමිවන අතර, ත්‍යාග ලබා නොගන්නා ගිණුම්හිමියන් හට 10.25% ක පොළියක් හිමි වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සාමාන්‍ය පොළියට වඩා 1% ක අමතර පොළියක් හිමි වීම ද විශේෂත්වයකි.

    මෙම දීමනා සඳහා ඇතුළත් වීම සඳහා ස්ථාවර තැන්පතු මාස 15 ක කාලයකට තැන්පත් කළ යුතුය. තමන්ට හිමි ත්‍යාග දිවයින පුරා පිහිටි ශාඛා 20 කින් යුතු සිංගර් ෆයිනෑන්ස් ශාඛා ජාලයෙන් ලබා ගත හැකිය.

    "ඕනෑම මුල්‍යමය අවශ්‍යතාවක් සඳහා පවුලේ විශ්වසනීයම සහකරුවාවන සිංගර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම, තමන් දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් අනාගතය වෙනුවෙන් තැන්පත් කිරීමේදී ඊට කෘතගුණ සැලකීමක් ලෙස හිත පිරෙන්නට ත්‍යාග ලබා දීමට කටයුතු කරනවා." සිංගර් ෆයිනෑන්ස් ලංකා පීඑල්සී සමාගමේ තැන්පතු කළමනාකාරිනී රදිකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

    සිය පාරිභෝගික ජනතාවගේ තැන්පතු සඳහා උපරිම ප්‍රතිලාභ ලබා දීමේ සිය දැක්ම තවදුරටත් පිළිබිඹු කරමින් සිංගර් ෆයිනෑන්ස් සමාගම සියලුම තැන්පතු කාල සීමාවන් සඳහා පොළී අනුපාත තවදුරටත් වැඩි කිරීමට කටයුතු කළේය.

    කුඩා කල පටන් ඉතිරිකිරීමේ යහපත් පුරුද්ද දරුවන් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව හඳුන්වා දෙන ලද "මුතු ඉතුරුම් වසන්තය" මුල්‍ය සේවාව තුළින් තැන්පතුවේ ප්‍රමාණය මත ළමා අත් ඔරලෝසු, පාසල් උපකරණ වල සිට ලැප්ටොප් පරිගණක සහ දරුවන්ගේ නිදන කාමර කට්ටල දක්වා සුවිශේෂී ත්‍යාග රැසක් සිංගර් ෆයිනෑන්ස් කණ්ඩායම පිරිනමයි.

    රු.5,000 ට වැඩි ඉතුරුම් ගිණුම් සඳහා අත් ඔරලෝසු, පාසල් උපකරණ හෝ එම අගයට සමාන තෑගි වවුචර ද, රු. 10,000 ට සහ රු. 25,000 ට වැඩි ගිණුම් හිමියන් හට පාසල් උපකරණ හෝ එම අගයට සමාන තෑගි වවුචර හිමි වේ. රු.50,000 ට වැඩි ඉතුරුම් ගිණුම් සඳහා මවුන්ටන් බයිසිකලයක් හෝ එම අගයට සමාන තෑගි වවුචරයක් හෝ පිරිනැමීමට සිංගර් ෆයිනෑන්ස් කටයුතු කරයි.

    රු.100,000 ක ශේෂයක් පවත්වාගෙන යන ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ළමා බිත්ති රාක්කයක් හෝ එම අගයට සමාන තෑගි වවුචරයක් ද, රු.300,000 ට වැඩි ශේෂයක් පවත්වාගෙන යන ළමා ඉතුරුම් ගිණුම් හිමියන් හට අගනා ලැප්ටොප් පරිගණකයක් හෝ නිදන කාමර කට්ටලයක් ද හිමි වේ. සියලුම තෑගි වවුචර සරසවි පොත්හල, කාගිල්ස් හෝ සිංගර් ප්ලස් වෙතින් නිකුත් කෙරේ.

    තවද, සිය අභිමතය පරිදි ත්‍යාගය වෙනුවට 7% ක දිගුකාලීන ප්‍රතිලාභය තෝරා ගැනීමේ හැකියාව සිංගර් ෆයිනෑන්ස් වෙතින් දෙමාපියන් හට පිරිනමා ඇත.
    සිංගර් ෆයිනෑන්ස් ශ්‍රී ලංකා පීඑල්සී යනු, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛයාවන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ අනු සමාගමකි.