ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය මඟින් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව පහත දක්වා ඇති සියලුම භාණ්ඩ මත ආනයනය කරන අවස්ථාවේ දී තීරුබදු කාර්යය සඳහා සලකනු ලබන මූළු වටිනාකමට අදාළ අනුප්රමාණ යටතේ අය කරනු ලබන සෙස් බද්දෙහි සංශෝධනයක් කරමින් රජයේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව,
- සිමෙන්ති ක්ලින්කර්ස් සඳහා කි.ග්රෑ. 1 කට රු. 1 ක්,
- කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති සඳහා කි.ග්රෑ. 1 කට රු. 3.00 ක් ලෙසින් වූ සෙස් බදු ප්‍රමාණය රු. 5 ක් දක්වා ත්,
- දිය නාල්ලන සිමෙන්ති, බොයිලර් සිමෙන්ති සහ ඒවායේ සංයුතීක සඳහා කි.ග්රෑ. 1 කට රු. 3.00 ක් ලෙසින් වූ සෙස් බදු ප්‍රමාණය රු. 5 ක් දක්වා ත්,
- කි.ග්රෑ. 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුුු පෝට්ලන්ඩ් සිමෙන්ති කි.ග්රෑ. 1 කට රු. 5.00 ක් ලෙසින් වූ සෙස් බදු ප්‍රමාණය රු. 8 ක් දක්වා ත්,
- කි.ග්රෑ. 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් හෝ තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කි.ග්රෑ. 1 කට රු. 3.00 ක් ලෙසින් වූ සෙස් බදු ප්‍රමාණය රු. 5 ක් දක්වා ත්,
- අනෙකුත් හයිඩ්‍රොලික් සිමෙන්ති කි.ග්රෑ. 1 කට රු. 3.00 ක් ලෙසින් වූ සෙස් බදු ප්‍රමාණය රු. 5 ක් දක්වා ත්,
ලෙසින් සංශෝධනය කර තිබේ.
මෙම නියමයන් 2023 ජූනි 17 දින සිට බලපැවැත්වෙනු ඇත.