සියලු අපනයන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සහාය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම්

    April, 14, 2020

    මුළු මහත් ලෝකයම ඉතාම අපහසු කාලයක් ගත කරමින් සිටී. අප සැවොම කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින මේ මොහොතේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී. අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට  කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපට, මෙවැනි  ව්‍යසනයන් අමුතු අත්දැකීම් නොවේ. එලෙසම මෙම ව්‍යසනයටද අප ශක්තිමත්ව මුහුණ දෙන බවට ඉතා විශ්වාසය. අප අතීතයේ දී කළාක් මෙන්, ශ්‍රී ලංකාව වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටිමින් අපගේ ප්‍රධාන ඉලක්කය වන අපනයනයන් නැවත ආරම්භ කිරීම, ඒවා පෙර මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීමට ශක්තිය අප සතුය.

    දැන් තවත් එවැනිම අභියෝගයක් අප ඉදිරියේ තිබේ. අපගේ ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව රටක් ලෙස පෙන්විය යුතු කාලය මෙයයි. අපගේ ව්‍යාපාරයන්ට, අපේ ජනතාවට සහ අපේ ජාතියට කළ නොහැක්කක් නොමැති බව අප ලෝකයට පෙන්විය යුතුය. දිවයිනේ COVID-19 වෛරසය තුරන් කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් රජය විසින් ඉතා මැනවින් අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම අර්බුදය අපේ රට නුදුරේදීම ජය ගනු ඇත. කෙසේ වෙතත්, අප ද අපගේ කාර්යභාරය ඉටු කළ යුතුව ඇත. අපේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා විදේශ විනිමය ඉපැයීම් උත්පාදනය කිරීම රටක් වශයෙන් අත්‍යාවශ්‍ය බව රජය සඳහන් කරයි. එමනිසා සියලුම අපනයනකරුවන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මෙහෙයුම් ආරම්භ කිරීම අතිශයින්ම වැදගත්ය. අවධානම් කලාපයෙන් පිටත ක්‍රියාත්මක කර්මාන්තශාලා වෙත ඒ සඳහා අවසර ලැබෙනු ඇත. මෙම සියලුම කර්තව්‍යයන් සාර්ථකත්වයට පත්කිරගැනීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු වී අප අපගේ වගකීම ඉටු කල යුතුව ඇත.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කරන්නේ තවත් ටික කාලයකින් සමස්ථ ලෝකයම මෙම උවදුර ජයගනිමින් යථාතත්වයට පත්වන බවයි. ඒ් අනුව මෙම රටට අවැසි සමයේ  ව්‍යාපාර නැවත ආරම්භ කරන සියලුම ශ්‍රී ලංකික අපනයනකරුවන්ගේ සහයෝගයෙන් රටක් ලෙස අපටද මෙම ලෝක අර්බුධය ජයගත හැකිවනු ඇත. අප සැම එකට එක වී ලෝකය ඉදිරියට ගොස් නව වෙළඳපල, නව පාරිභෝගිකයින් සොයාගනිමින් සහ පැවති සම්බන්ධතා නැවත ශක්තිමත් කරගනිමින් ඔවුනට තත්වයෙන් උසස් අපනයනයන් සැපයීමට කාලය පැමිණ ඇත.

    සියලු අපනයන කර්මාන්ත තම නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සේවක සනීපාරක්ෂක රෙගුලාසිවලට අනුකූල වීම අනිවාර්ය වන අතර ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර සියලුම කර්මාන්තශාලා අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  විසින් පරීක්ෂා කරනු ඇත.

    සියලුම අපනයනකරුවන් සඳහා සහය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටින අතර ඒ සඳහා දුරකථන අංකයක් ක්‍රියාත්මක වේ. අතීතයේදී අපේ රට මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් වලදී එකමුතුව නැගී සිට සමගියේ ශක්තිය පෙන්නුවාක් මෙන් මෙවරද ශ්‍රී ලාංකිකයන් යළිත් වරක් එකතු වී නැගී සිටිනු ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබාදීම සඳහා පහත නිලධාරීන් සූදානමින් සිටී.

    එම්.කේ.එස්.කේ. මල්දේනි මහතා / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  - 077 7601592

    චිත්‍රංජලී දිසානායක මෙනෙවිය / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  - 071 8071163

    මාලනි බද්දේගම මහත්මිය / අධ්‍යක්ෂ - අපනයන කෘෂිකර්ම - 071 9500885

     

    EDB උපකාරක කවුළුව

    එස්. ආර්. පී. ඉන්ද්‍රකීර්ති මහතා / අධ්‍යක්ෂ (වෙළඳ පහසුකම් හා වෙළඳ තොරතුරු)  - 071 440 6119

    නිර්මලා ගජනායක මෙනෙවිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී - 071 822 0953

    ප්‍රියදර්ශනී හේවාවසම් මහත්මිය / අපනයන ප්‍රවර්ධන නිලධාරී - 077 249 4807

    විද්‍යුත් තැපෑල : helpdesk@edb.gov.lk

     

    ඡායාරූපය - අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා