April, 27, 2022
ඊයේ (26) රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙසයි.
මෙම සම්බන්ධයෙන් අද (27) විකාශය වූ "අද දෙරණ BIC FOCUS" වැඩසටහනේ දී ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු ලබා දෙමින් සුසන්ත ලියනාරච්චි මහතා විසින් පවසා සිටියේ දැනට සිදුකරමින් පවතින සියලු ඉදිකිරීම් සහ නව ඉදිකිරීම් සියල්ල අත්හිටුවන ලෙස භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන්ව ඇති බවයි.
“අපට දැන් මේ තියන මූල්‍ය අර්බුදයත් එක්ක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා ඉදිකිරීම් කර්මාන්තය කර ගෙන යෑම සම්බන්ධයෙන්. ඔහු විසින් කියලා තියනවා දැනට ඉදිවෙමින් පවතින සියළු ඉදි කිරීම් සහ නව ඉදි කිරීම් සියල්ල අත්හිටුවන්න කියලා.“
“මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයා සමඟ මම සාකච්ඡා කළා පැය දෙකහාමාරක් මේ සිමෙන්ති සම්බන්ධව. මේ සිමෙන්ති මාෆියාවක් රට තුළ තියනවා. අධීකත මිලකට සිමෙන්ති විකිණෙනවා. මේ පිළිබඳව යම් ප්‍රශ්නගත කරුණක් මේක. මේ පිළිබඳව අපට Industry එක රැකෙන්න බැහැ මේ විදිහට, මේකට යම් සාධනීය පිළිතුරක් ලබා දෙන්න කියලා. එතකොට බජට් එක මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන්න සතියකට කලින් හම්බුනේ.“
“මුදල් අමාත්‍යවරයා මට පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්නේ ඉවරයි මාර්තු මාසේ 7 වෙනිදා සිමෙන්ති කර්මාන්ත ශාලාව හම්බන්තොට විවෘත වෙනවා. එතකොට දේශීය නිෂ්පාදන පුත්තලමෙනුත් එනකොට මේ සිමෙන්ති වල හිඟයක් නැති වෙන්න අතිරික්තයක් ඇති වෙන විදිහට සිමෙන්ති වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාවක් තියනවා. කිසි දේකට බය වෙන්න එපා කියලා. එතකෙදාට මම දැන් අහනවා මම ඊයේ ප්‍රකාශ කළේ හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවකුත් තියනව නම්, දිනටක නිෂ්පාදනය කරන දාරිතාවය ලක්ෂයට වැඩී කියලා තමයි capacity එක තියනවා කියලා අපි දැනුවත් වෙලා තියෙන්නේ. එතකොට පුත්තලමෙනුත් නිෂ්පාදනය වෙනවනම්, දැන් ඉදිකිරීම් නතර වෙලා තියනවානම්, සිමෙන්ති පරිභෝජනය අඩු නම්, ඇයි මේ ආනයනය කරන සංගමයක් විසින් සිමෙන්ති මිල ඉහළ දාන්නේ? “
“සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි සිමෙන්ති මිල ඉහළ නැංවීට අපි තීරණය කරන ලදි. පෙරේදා ගියේ මාධ්‍යයෙන්. මමත් දැක්කේ මාධ්‍යයෙන් මම එතකොට තමයි මේ පිළීබඳව මාධ්‍ය සාකච්චාවක් තියලා කිව්වේ. කියනකොට ආනයනකරුවන් කිහිප දෙනෙක් මට කතා කරලා කිව්වේ ඩොලර් එක වැඩි වෙලා තියනවා. LC open කළාම ඒකේ කාල සීමාව අවසන් වන කොට ඒ තියන current rate එකට ගෙවන්න සිද්ධ වෙලා තියනවා. ඩීසල් මිල වැඩි වෙලා තියනවා. shipping charges වැඩි වෙලා තියනවා. මේවත් එක්ක බැලුවහම print කරන ඒවා packing charges මේ ඔක්කොමත් එක්ක බැලුවහම මේ තත්ත්වෙන් තමයි අපිට මේ කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ. මට මේක හරියට සංඛ්‍යාත්මකව කියන්න බැරි නිසා මම සද්ද නැතුව ඉන්නේ. මම අධ්‍යයනය කරගෙන යනවා. හෙට අනිද්දා කොහොම ද මේ සිමෙන්ති මිල import කරන කට්ටිය වැඩි කරලා තියෙන්නේ, දේශීය නිෂ්පාදනයත් මේ විදිහටම යන්නේ මොකද, දේශිය නිෂ්පාදනයේ සිමෙන්තිකරුවන් කවදාවත් සිමෙන්තිවල මිල වැඩි කරනවා කියලා කවදාවත් කොහෙවත් කියන්නේ නැහැනේ. සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල වැඩි කළාම ඒ ගොල්ලෝ automatically සිමෙන්ති මිල වැඩි කරනවා.“
Video Story