සියලු කොටස් දසදහස ඉක්මවයි

    October, 25, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (25) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක දසදහසේ සීමාව ඉක්මවා යනු ලැබීය.

    මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක වටිනාකම ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    දිනයේ මුල් ගනුදෙනු පැය ඉක්මයාමටත් මත්තෙන් රු. බිලියන 2.5 ක් ඉක්මවූ පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.