සියලු කොටස් දසදහස පනී

    July, 4, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 10,000 සීමාව ඉක්මවා යනු ලැබීය.

    අද මධ්‍යහ්නය පසු වී කෙටි වේලාවක් ඇතුළත මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 සීමාව පසුකර ගිය අතර ඒ වන විට ඒකක 559,28 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි.

    ඒ වන විට සටහන් වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.23 ඉක්මවා තිබුණි.