සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 20,800 සීමාවට පැමිණෙයි

    August, 28, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව යළි යළිත් අලුත් කරමින් අද (28) දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 47.05කින් ඉහළ ගොස් ඒකක 20,800.26ක් ලෙසින් සටහන් විය.

    අද දිනය පුරාවට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 මිල දර්ශකය ඒකක 16.67කින් පහළ ගොස් ඒකක 6,045.77ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 111ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 108කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 7.46ක් ලෙසයි.

    Video Story

    Stock Market

    Exchange Rates