November, 26, 2018
රජයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා වන ප්‍රසම්පාදන වෙනුවෙන් රජය විසින් වැය කරනු ලබන මුදල් සඳහා නියම වටිනාකමක් ලැබීම තහවුරු කරගැනීමත් එම කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සිදු කර තිබේද යන්න තහවුරු කරගැනීමත් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව රජයේ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කරනු ලබන පසු විපරම් කිරීම හා සවිස්තරාත්මක විමර්ශන සිදු කිරීම සඳහා යෝජිත ව්‍යාපෘති, අනෙකුත් අමාත්‍යාංශවල වැඩසටහන් සමඟ ද්විකරණය නොවන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර මෑතකදී සිදු කරන ලද අමාත්‍යාංශ විෂය පථයන්ගේ වෙනස්කම්වලට අනුව, දැනටමත් ක්‍රියාත්මක කෙරෙමින් පවතින රජයේ ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරගෙන යාම සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරිම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story