සියලූ මුද්‍රණ අවශ්‍යතා එකම ස්ථානයකින් සිදුකර ගත හැකි ඩිජිමැක්ස් සේවා ප‍්‍රදර්ශනාගාරය විවෘත වේ

    March, 3, 2021

    Digital Imaging & Printers පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත විය. සියලූම වර්ගයේ මුද්‍රණ කටයුතු එකම වහලක් යටින් සිදුකර ගතහැකි වීම මෙම සේවා මධ්‍යස්ථානයෙහි විශේෂත්වයකි. මෙම නවතම ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරය අංක 182/1 හොරණ පාර කැස්බෑව යන ලිපිනයෙහි පිහිටා ඇත. අභිනව ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරයෙහි සමාරම්භයට සමගාමීව ජපානයේ ෆූජි ෆිල්ම් සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතවරයා බවට ද ඩිජිමැක්ස් පත්විය.

    උසස්ම තත්වයේ mini labs උපකරණ, මුද්‍රණ යන්ත‍්‍ර, මුද්‍රණ කඩදාසි, රසායනික ද්‍රව්‍ය, තීන්ත, සහ අනෙකුත් උපාංග ඇතුළුව ඩිජිටල් මුද්‍රණයට අදාල නිෂ්පාදනයන් රැසක් ඩිජිමැක්ස් විසින් ආනයනය කර සපයනු ලබයි. එමෙන්ම ඩිජිමැක්ස් පුද්ගලික සමාගම 2017 වසරේ සිට මිට්සුබිෂී ඉන්ජෙක්ට් කඩදාසි සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් නියෝජිතවරයා ලෙස කටයුතු කරයි.

    ‘‘මුද්‍රණ ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නිෂ්පාදන සහ උපකරණ විශාල සංඛ්‍යාවක් ආනයනනය කර ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට හැකි වීම සහ ඇතැම් නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතවරයා වශයෙන් කටයුතු කිරීමට ලැබීමත් අප ලද විශාල ගෞරවයක් ලෙස සඳහන් කළ හැකියි. වසර 25ක් මුළුල්ලේ ලද පන්නරය සහ පාරිභෝගික විශ්වාසය මත මුද්‍රණ ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව විශිෂ්ටතම සමාගමක් ලෙස පාරිභෝගිකයින් අතර කීර්තිමත් නමක් දිනා ගන්නට හැකි වූවා සේම සුපිරි සේවා තත්වයක් පවත්වාගෙන යෑම, සහ නවෝත්පාදනයන් හඳුන්වාදීම මෙන්ම තරගකාරී මිලක් යටතේ සේවා සැපයීම යන ප‍්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් මෙම ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ආයතනයක් බවට පත් වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඩිජිමැක්ස් සේවා මධ්‍යස්ථානය තුළින් ජාත්‍යන්තර තත්වයේ මුද්‍රණ සේවා විසඳුම් සමූහයක් පාරිභෝගිකයින්ට ලබා දීමට අපි අපේක්ෂා කළ අතර මෙම ක්ෂේත‍්‍රය වෙනුවෙන් අඛණ්ඩව සිදු කරන ආයෝජනයන් තුළින් ඡයාරූප සහ සියලූ ආකාරයේ මුද්‍රණ අවශ්‍යතා ඉතා උසස් තත්වයෙන් සහ කාර්යක්ෂමව සිදුකර දීමට අපට හැකි වී තිබෙනවා’’ යනුවෙන් ඩිජිමැක්ස් පුද්ගලික සමාගමේ සභාපති නිශාන්ත අල්ගෙවත්ත මහතා පැවසීය.

    ජාත්‍යන්තර තත්වයේ මුද්‍රණ උපකරණ, මුද්‍රණ කඩදාසි, සහ මුද්‍රණ තීන්ත නිෂ්පාදන සහ එම සැපයුම්කරුවන් සමග ඉතා සමිපව කටයුතු කරන හෙයින් මෙම ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික සබඳතා උසස් තත්යෙන් පවත්වාගෙන යැමට ඩිජිමැක්ස් ආයතනයට හැකියාව ලැබී ඇති අතර මේ හේතුව නිසාම වඩාත් තරගකාරී මිලකට අති විශිෂ්ට සේවාවක් මෙරටේ පාරිභෝගිකයින්ට ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

    1996 දී ආරම්භ කළ ලංකා සේයා ෆොටෝග‍්‍රැෆික් විසින් ඩිජිටල් ඡායාරූප සහ මුද්‍රණ ක්ෂේත‍්‍රයේ මෙරට අංක එකේ සමාගම බවට පත් වීමට හැකියාව ලැබුණි. ආසියාවේ විශාලතම ඡායාරූප මුද්‍රණ සහ කැපීමේ කර්මාන්තශාලාව පවත්වාගෙන යනු ලබන ඩිජිමැක්ස් පුද්ගලික සමාගම මුද්‍රණ යන්ත‍්‍ර, mini lab යන්ත‍්‍ර සඳහා අමතර කොටස් ආනයනය කර අලෙවි කරනු ලබයි.

    සේයා රූ සටහන - ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කොළඹ පිහිටි ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාව