December, 2, 2020
නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.
මේ අනුව තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ.
පසුගිය නොවැම්බර් 24 වැනිදා රැස්වූ කෝප් කමිටුව රාජ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත කාල සීමාව තුළදී වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට එවා නොමැති බවට නිරීක්ෂණය කර තිබේ.
මේ හේතුවෙන් බොහෝ විට ලැබෙන වාර්ෂික වාර්තාවල යල් පැන ගිය තොරතුරු ඇතුළත් වන බවත් ඒ හේතුවෙන් නිසි කාලසීමාවන්හිදී අදාල වාර්තාවල දත්තයන්ට අනුව පියවර ගැනීමට නොහැකි වී ඇති බවත් කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබේ.
Video Story