සිය පුළුල් පරාසයක විසිරුණු Galaxy ස්මාර්ට්ෆෝන් සහ ආකර්ෂණීය වට්ටම් සමඟින් සැම්සුන් වෙතින් සැමට අවුරුදු

    April, 19, 2023

    ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන් මෙම අවුරුදු සමයේ සැමටම සියලූ මිල ගණන් සහ සියලූ කාණ්ඩවලට අයත් සිය පුළුල් පරාසයක විසිරුණු smart devices හරහා ආකාර්ෂණීය වට්ටම් ඉදිරිපත් කර ඇත. ඔබේ දරුවන්ගේ සිට, මිතුරන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන් දක්වා තෑගි දීමට සැම්සුන් මේ අවුරුද්දේ ඔබ සැමට ආරාධනා කර සිටී.

    මෙම උත්සව සමයේ සැම්සුන් වෙතින් ඔබට 13%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් පිරිනමයි. A04e 3+32 GB ස්මාර්ට් ජංගම දුරකතනයක් දැන් රුපියල් 43,999 ක මිලකට ලබා ගත හැකි අතර එහි 64 GB මාදිලිය රු. 49,999 කට ඔබට ලබා ගත හැකිය. මේ අතර, A04e 4+128 GB ජංගම දුරකතනයක් රු. 59,999 ක මිලකට ලබා ගත හැකිය. A04 LTE 3+32 GB රුපියල් 51,999 කටත් එහි 4+74 GB හි රුපියල් 60,999 කටත් ලබා ගත හැකිය. තවද, A03 LTE 3+32GB මාදිලිය රු. 49,999 ක් ද 4+64 GB සඳහා රු. 59,999 ක් සහ 4¬128 GB සඳහා රු. 64,999 ක් වැනි විශේෂ අඩු කළ මිලකට ද ඔබට ලබා ගත හැකිය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා පැවසුවේ ‘‘සැම්සුන් හි අප සතුව සෑම කෙනෙකුටම ඔබින විශාල පරාසයක විසිරුණු සුවිශේෂී smart devices තිබෙනවා. එය අති නවීන, අධි තාක්ෂණික හෝ සාමාන්‍ය මට්ටමේ smartphone එකක් වුවත් ඉන් ඔබගේ එදිනෙදා කාර්යයන් ඉටුකර ගත හැකියි. මෙම අවුරුදු සමයේදී සෑම කෙනෙකුටම අලූත් අදහස් ඉදිරිපත් කළ හැකි අතර සැම්සුන් ඔවුන්ට ලබා දී ඇති අත්දැකීම් අනාවරණය කළ හැකියි.’’ යනුවෙනි.

    මෙම අවුරුදු සමයේදී හඳුන්වා දෙන Galaxy M14 5G මනා හැඩයකින් සහ සුවිශේෂී කැමරා පිහිටීමක් සහිතව නිර්මාණය කර ඇති ප‍්‍රබල 5G ස්මාර්ට් ජංගම දුරකතනයකි. සැම්සුන් හි පරිසර හිතකාමී තාක්ෂණය සහ නවෝත්පාදනයන් සමඟ එය නිර්මාණය කර ඇත. Galaxy M14 සතු 50 MP උසස් තත්වයේ කැමරාව මගින් ඉතා සියුම් තැන් පවා ග‍්‍රහණය කර ගනිමින් ඔබට අනර්ග තත්වයේ ඡායාරූපමය අත්දැකීමක් ලබා දෙයි. එහි 13 MP සෙල්ෆි කැමරාව මගින් Galaxy M13 හි ඉදිරිපස කැමරාවට වඩා 160%ක සුපැහැදිලි ඡායාරූප ඔබට ලබා දෙයි.

    තවද, විශාල වෙළඳපොළක් සඳහා සැම්සුන් සතුව Galaxy A04 LTE, Galaxy A04e ඇති අතර මෙම devices නිර්මාණය කර ඇත්තේ සිත් ඇදගන්නාසුළු විශේෂාංග සහ වඩාත් පහසුවෙන් පරිහරණය කළ හැකි වන සේ නිර්මාණය කර ඇති ස්මාර්ට්ෆෝන් වලට දැඩි ඇල්මක් දක්වන පරිශීලකයින් සඳහා වීම විශේෂිතය. සැම්සුන් Galaxy A-Series භාවිතා කරන්නන් ඔවුන්ගේ devices, ‘First Love, their First Galaxy’ ලෙස සලකනු ලබයි.

    ඔබ කොහේ, කොතැන සිටියත්  ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හ≈ඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

    Samsung අඛණ්ඩව වසර හතරක් ශ‍්‍රී ලංකාවේ ‘People's Youth Choice Brand of the Year’ ලෙස SLIM Sri Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung  සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.