සිය සමාගමේ සේවාවන් හා වටිනාකම් ඉහළ දැමීමේ අරමුණින් එයාර්ටෙල් ලංකා සිදු කළ අයෝජනය 2021 NBEA සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වෙයි

    April, 7, 2022

    ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) නැවතත් සම්මානයට පාත‍්‍ර විය.

    ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී  ‘‘වෙනත් සේවා/වෙනත් අංශ’’ යන කාණ්ඩයෙන් කුසලතා සම්මානය දිනා ගැනීමට එයාර්ටෙල් සමාගමට හැකි විය. නව්‍ය සහ තෘප්තිමත් පාරිභෝගික අත්දැකීම් නිර්මාණය කරන අතරම, ශ්‍රී ලංකාව අඛණ්ඩව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ සිය සමාගමේ අඛණ්ඩ ආයෝජනය අගය කිරීම උදෙසා මෙම සම්මානය හිමිකර ගැනීම විශේෂයෙන් කැපී පෙනිණි.

    ලබා ගත් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ, ”මෙවැනි පිළිගත් ව්‍යාපාරයන් අතර ඇගයීමට ලක් වීම සැබවින්ම ගෞරවයක්. පසුගිය වසරේදී අපගේ සමාගම සෑම අංශයකින්ම විශිෂ්ටත්වය පෙන්නුම් කරනු ලැබුවා. අප අභියෝගාත්මක කාලයන්ට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාව තුළ අයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව අප අඛණ්ඩව විශ්වාස කරන අතර රටේ ආර්ථික දියුණව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන වටිනාකම් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

    එයාර්ටෙල් 2019 දී ද එම කාණ්ඩයෙන්ම සම්මානයට පාත‍්‍ර වී තිබීම විශේෂිත වේ. NBEA යනු ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සම්මාන උළෙලකි. ශ‍්‍රී ලංකාවේ ආයතනික විශිෂ්ටත්වයේ හොඳම ව්‍යාපාර ඇගයීමට ලක් කරන ප‍්‍රමුඛ පෙළේ ජාතික වේදිකාවක් ලෙස ද එය ගෞරවාදරයට පාත‍්‍රව ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates