December, 8, 2020
පසුගිය දෙසැම්බර් 03 වන දින අප විසින් නිකුත් කරන ලද නිවේදනයට සබැඳිව ඒ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම නිවේදනයෙන් අප බලාපොරොත්තුවේ.
දැනට වෛරසය ආසාධනය වී ඇති සහ නිරෝධායනයට ලක්වී ඇති ආයතනයේ සාමාජික සාමාජිකාවන් සමඟින් සම්බන්දවී ඒ අය පිළිබඳව සොයා බැලීමටත්ල සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමටත්ල ආයතනයේ ඉහළ නිළධාරීන් 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැය 24 පුරා තම රාජකාරීයේ නිරතව සිටියිග මෙම කණ්ඩායම එම ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දුක්ගැනවිළි හැසිරවීමත් ඔවුනට අවශ්‍ය වන වියළි ආහාර ද්‍රව්‍යය ලබාදීමටත් නිරතුරුවම කැපවී සිටියි.
ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගෙන් දල ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගෙන් දල ඔවුන්ගේ ලබැඳියන්ගෙන් ද ලැබෙන සහයෝගය මෙන්ම අප කෙරේ තබා ඇති විස්වාසය අප ඉතා අගය කර සිටින්නෙමුග අප මුහණ දී ඇති අසීරු තත්වය වටහා ගෙන අවබෝධයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන ආයතන පරිශ්‍රය අවට සිටින ප්‍රදේශ වාසීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය මේ අවස්ථාවේදී පුදු කරනු කැමැත්තෙමුග සාමාජීය වගකීමක් ඇති ආයතනයක් වශයෙන් සෞඛ්‍යය අංශ වල මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අකුරටම පිළිපඳිමින් වඩාත් ආරක්ෂිත පරිසරයක් තුළ හා දැඩි නියාමනයන් යටතේ රටෙහි ආර්ථිකය බල ගැන්වීමට නුදුරු දිනකදී සිරියෝ අප නැවැතත් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවට විස්වාසයෙන් යුතුව දැනුම් දෙන්නෙමුග ඒ දිනය පැමිණෙන තුරු ඔබ සියළුම දෙනාගේ නිරන්තර සහයෝගය හා ආශිර්වාදය අප බලාපොරොත්තු වන්නෙමු.
සිරියෝ ලිමිටඞ්
2020 දෙසැම්බර් 08 වන දින