සිරියෝ සමාගම විශිෂ්ට වර්ධනය වෙනුවෙන් BCCSA 2017 සම්මානයට පාත්‍රවෙයි

    December, 13, 2017

    දිගුකාලීන වර්ධනය සහ අපනයන කේන්ද්‍රීය ක්‍රමෝපාය පාදක කරගත් බඩල්ගම ප්‍රදේශයේ ඇඟළුම් නිෂ්පාදකයෙකුවන සිරියෝ සමාගම සිය මුල්‍ය කාර්යසාධනය වෙනුවෙන් 2017 විශිෂ්ටත ම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

    නොවැම්බර් මස 28වනදා පැවැත්වුණු මෙම සම්මාන උළෙල මෙරට ප්‍රමුඛත ම ව්‍යාපාරික මණ්ඩලයවන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. සෑම වසරක ම මෙන් මෙවර ද තිරසාරත්වය, ආචාරධර්ම සහ පරිපාලනය යන සාධක කෙරෙහි ඉහළ වැදගත්කමක් ලබාදී ඇති ප්‍රමුඛ ආයතන මෙහිදී ඇගයුමට ලක් කෙරිණි.

    අඛණ්ඩව 14වන වරටත් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, කීර්තිමත් ගෝලීය ආයතනික තිරසාරත්ව විශේෂඥයෙකුවන ඩේවිඩ් බෙන්ට් මහතා ප්‍රධාන දේශනය සිදු කළේය.

    "විශේෂයෙන් අපගේ මුල්‍ය කාර්යසාධනය සහ වර්ධනය පාදකකර ගනිමින් මෙරට ප්‍රමුඛත ම ආයතනික තිරසාරත්ව සමාගමක් ලෙස මෙලෙස ඇගයුමට ලක්වීමට හැකිවීම පිළිබඳ අප ගෞරවයක් සේ සලකනවා. මෙය අප සමාගමට විශිෂ්ට හැරවුම් ලක්ෂ්‍යයක්වන අතර, ඉදිරියේදී මෙවැනි ම වැඩසටහන් රැසක් දියත් කිරීමට අප බලාපොරොත්තු වනවා" යනුවෙන් සිරියෝ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    ඉතාලියේ Calzedonia S.p.A සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදුකරන සිරියෝ සමාගම, ප්‍රධාන සමාගම විසින් දේශීයව ස්ථාපනය කරන ලද ඇඟළුම් සමාගම් අතරින් එක් සමාගමකි. Calzedonia S.p.A සමාගම කාන්තා යට ඇඳුම්, දිගු මේස්, රාත්‍රී ඇඳුම්, මේස් සහ පිහිනුම් ඇඳුම් නිෂ්පාදනයෙහි විශේෂඥ සමාගමකි. පසුගියදා පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇඟළුම් කාණ්ඩය යටතේ ඉහළ ම අගය එකතු කරන ලද අපනයනකරු ලෙස සම්මානයට පාත්‍රවූ Omega Line සමාගම මෙන්ම, පොල්ගහවෙල Alpha Apparels, බිංගිරියේ Benji, වවුනියාවේ Vavuniya Apparels යන සමාගම් එම සමාගම යටතේ මෙරට ක්‍රියාත්මක අනෙකුත් සමාගම් අතරවන අතර මෙම සියලු සමාගම් මගින් උත්පාදනය කර ඇති ශ්‍රම බලකාය 12,000 ඉක්මවයි. Calzedonia S.p.A සමාගම සතුව ලොව පුරා රාජ්‍යයන් 40කට අධික සංඛ්‍යාවක 4,200කට අධික අලෙවි මධ්‍යස්ථාන ප්‍රමාණයක් පවතින අතර, Intimissimi, Calzedonia, Tezenis සහ Falconeri යන විවිධ සන්නාම යටතේ එම සමාගම සිය නිෂ්පාදන අලෙවි කරයි.

    විශිෂ්ටත ම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මානයට අමතරව, ප්‍රමුඛත ම ආයතන දහය, කාණ්ඩ සම්මාන, අංශ සම්මාන සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ මෙන්ම 'ඉදිරිපත් කරන ලද විශිෂ්ටත ම අයදුම' ඇතුළු සම්මාන රැසක් ද මෙම සම්මාන උළෙලේදී පිරිනැමිණි.

     

    සේයා රූ සටහන : ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකුවන සී. පී ද සිල්වා මහතා සිරියෝ සමාගමේ මුල්‍ය කළමනාකාර රොෂාන් පනාවල සහ නිෂ්පාදන කළමනාකාර දුමින්ද සාසනපාල යන මහත්වරුන්ට සම්මානය පිරිනැමූ මොහොත. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පසුගිය සභාපති සමන්ත රණතුංග මහතා ද පසෙක වෙයි.