සිහින සැබෑ කරන දීවා ඉඩමේ වාසනාව

    December, 2, 2016

    තමන්ගේම නිවසක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සයවැනි දීවා ඉඩමේ වාසනාව දිනුම් ඇදීමේ තරගය හරහා එම සිහිනය සැබෑවක් කරගැනීම සඳහා වන පළමු පියවර තැබීමට වාසනාවන්ත දීවා පාරිභෝගිකයන් තිදෙනෙකුට අවස්ථාව උදාවී තිබේ.

    දීවා ඉඩමේ වාසනාව යනු වාසනාවන්ත ජයග්‍රාහකයින්ට වටිනා ඉඩමක් තිලිණ කෙරෙන දැවැන්ත පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනකි. දැනට වසර හයක් තිස්සේ අඛණ්ඩව හා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම දිනුම් ඇදීමේ තරගය මේවන විට මෙරට ජනතාවගේ සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් ව තිබේ.

    මෙරට සාමාන්‍ය ජන ජීවිතය පෙරළියකට ලක් කළ සුවිශේෂී නිෂ්පාදන සන්නාමයක් වන දීවා වෙතින් මෙතෙක් ගෙවුණු වසර පහ තුළ පැවැති ප්‍රවර්ධන වැඩසටහන් හරහා වටිනා ඉඩම් 19ක් ජයග්‍රාහකයින් අතර බෙදා දී ඇත. ඉඩම් මෙන්ම රන් කාසි, දිනපතා රු. 10,000 බැගින් මුදල් හා වෙනත් ත්‍යාග ද 500 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ වාර්ෂිකව පිරි නමා තිබේ.

    2011 වසරේදී පළමු වරට “දීවා රවුමට ඉඩමක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ ප්‍රවර්ධන වැඩසටහන 2012 වසරේදී “දීවා නුවණක්කාරියන්ට ඉඩමක්" තේමාව යටතේ දෙවන වරටත් ක්‍රියාත්මක විය. 2013 වසරේදී ප්‍රවර්ධන වැඩසටහන නිමා වූයේ “දීවා නිධන් එක්ක ඉඩම්" තේමාවට අනුවය. 2014 වසරේදී දීවා ඉඩමේ වාසනාව තුළින් වාසනාවන්තයන් පස් දෙනෙකු ඉඩම් හිමි කර ගැනීමට සමත් විය.

    මේ වසරේදී ද කොළඹට ආසන්නයෙන් වටිනා ඉඩම් තුනක් ජයග්‍රාහකයින්ට බෙදා දීමට දීවා පියවර ගත්තේ ය. අගොස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එක් මසකදී එක් ඉඩම් ජයග්‍රාහකයකු බැගින් බිහිකරමින් දියත් කෙරුණු දිනුම් ඇදීමේදී සති පතා රන් කාසි මෙන්ම දිනපතා රු. 10,000 බැගින් මාස තුනක් පුරා මුදල් තෑගි දිනාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවිය.

    ඒ අනුව 2016 අගෝස්තු මාසයේ බිහි වූ පළමු ඉඩම් ජයග්‍රාහිකාව පාදුක්ක ප්‍රදේශයේ රෝහිණී සෝමසිරි හේවාරත්න මහත්මිය ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව තම සතුට පළ කරමින් ඇය මෙසේ අදහස් දැක්වූවාය. “දීවා ඉඩමේ වාසනාව තරගයට අපි දෙවැනි අවුරුද්දේ ඉඳන් දිගටම එකතු වුණා. මොකද, අපටත් ජයග්‍රහණයක් හිමි වෙයි කියන විශ්වාසය අප තුළ තිබුණා. අපි දැනට ජීවත් වෙන්නේ මගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරයාගේ නිවසේ යි. මේ නිසා අපේම කියා නිවසක් තනා ගැනීම අපේ හිතේ තියෙන ලොකුම හීනයක්. මේ ඉඩම හිමිවීමත් එක්ක අපේ හීනය හැබෑ කරගන්න අවස්ථාවක් උදාවෙලා. මේ ඉඩම ලබාදෙමින් දීවා සමාගම අපේ ජීවිත නගා සිටුවන්න කරපු මෙහෙය වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා” ඇය පැවසුවා ය.

    සැප්තැම්බර් මස ඉඩම් ජයග්‍රාහිකාව වූයේ ගල්කිස්ස නැදිමාලේ ආර්.ඒ. නිලන්ති මහත්මිය ය. “මම දිනපතා දීවා පාවිච්චි කරනවා. මේ විදිහට දීවා වෙතින් ඉඩමක් ලැබීම ගැන කියා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා” යැයි ඇය කියා සිටියාය.

    වසරේ තෙවැනි ඉඩම් ජයග්‍රාහිකාව වූයේ එස්. ධම්මිකා ප්‍රනාන්දු මහත්මිය යි. “මගේ මහත්තයා ජීවතුන් අතර නැහැ. මමත් මහත්තයාත් එකතු වෙලා ගොඩනඟපු නිවසක් මට තිබුණත් අපි ජීවත් වුණේ අභියෝග රාශියක් මැදයි. පසුගිය වතාවලදීත් මම තරගයට එකතු වුණත් දිනුමක් හිමිවුණේ නැහැ. මෙවර මම දීවා කිලෝ එකේ හිස් දවටනයක් එව්වා. මගේ හීනය දැන් හැබෑවක් වෙලා. මියගිය මගේ මහත්තයා තවමත් අපි දිහා බලන් ඉන්නවා කියන විශ්වාසය මට දැන් තියෙනවා” ධම්මිකා මහත්මිය ඉතා හැඟුම්බරව පැවසුවාය.

    “පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවිත උසස් තත්ත්වයට පමුණුවාලන සහ පහසු කරවන නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. ඒ අතරේ ළබැඳී පාරිභෝගිකයන්ට ඔවුන්ට ජීවිත වෙනස් කරවන සිහින සැබෑ කරවන තිලිණ ලබාදීමට හැකිවීමත් විශාල සතුටක්” දීවා සන්නාම කළමනාකාර ශානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    දීවා වෙතින් රෙදි සේදුම් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති අතර දීවා රෙගියුලර් රෙදි සේදුම් කුඩු නැවුම් දෙහි සුවඳක් ඇඳුම්වලට මුසුකරන අතර දීවා ෆ්ලවර්ස් යනුවෙන් රෝස හා සමන්පිච්ච, සමන්පිච්ච හා දෙහි මෙන්ම සේපාලිකා හා දෙහි සුවඳ රැගත් දීවා නිෂ්පාදන ද වේ. එමෙන්ම දීවා වයිට් රෙදි සේදුම් කුඩු සියලු සුපිරි වෙළෙඳසැල්වලදී මිලදී ගත හැකි අතර ඒවා රෙදි සෝදන යන්ත්‍ර භාවිතයට මනාව ගැලපේ.

    රෙදි සේදුම් කුඩු වලට අමතරව දීවා ඩිටර්ජන් සබන් ද ලෙමන්, දෙහි හා සමන්පිච්ච සුවඳ සමගින් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබේ.