January, 27, 2022
2021 වසරේ නොවැම්බර් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලි සඳහා දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 30.6 ක් ලෙසින් වාර්තා වේ.
මෙය 2020 වසරේ නොවැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයනික වියදම වූ ඩොලර් මිලියන 14 හා සැසඳීමේ දී 118.4% ක ඉහළ යාමකි.
මේ අතර 2021 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට ආනයනය කර තිබෙන සීනි හා රසකැවිලි සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 255.5 ක් වන අතර එය 2020 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ අදාළ අගය වූ ඩොලර් මිලියන 247.4 හා සන්සන්දනය කිරීමේ දී 3.3% ක වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙ හි මේ බව සඳහන් වේ.
එම වාර්තාවට අනුව 2021 වසරේ මුල් මාස 11 තුළ දී ශ්‍රී ලංකාවට ආහාර හා පානවර්ග ආනයනය සඳහා දරා ඇති සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 1,495.3 ක් වන අතර එය 2020 වසරේ අදාළ අගය වූ ඩොලර් මිලියන 1,396.3 ට වඩා 7.1% ක වැඩි වීමක් වේ.
Video Story