සුගතදාස ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතු සඳහා ජේකබ්සන් තණපිඩලි නිෂ්පාදන නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගමෙන්

    June, 14, 2017

    සුගතදාස ක්‍රීඩාංගනයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය හා සමග අත්වැල් බැඳගෙන ඇත.

     

    ලෝකයේ කීර්තිමත් නිෂ්පාදන වන ජේකබ්සන් තණකොළ කපන යන්ත්‍ර හා බර්නාඩ් ඇඹරුම් යන්ත්‍ර නිෂ්පාදන හා එක්වෙමින්, නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂක සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 26 වන දින අත්සන් කරන ලදී. උසස් තාක්ෂණය යොදා ගනිමින් යුරෝපයේ නිෂ්පාදනය කරන ලද මෙම නිෂ්පාදන ලෝකය පිළිගත් නිෂ්පාදන වන අතර පසුගිය වසර 15 ක කාලයක් ලංකාව තුල ජේකබ්සන් හා බර්නාඩ් නිෂ්පාදන සඳහා තනි නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ නිව් අශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගමයි .

    ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගනයක් වන සුගතදාස ක්‍රීඩාංගනය සමග ඒකාබද්ධ වී වසර 95 ක විශේෂඥ දැනුම ඇති නිෂ්පාදන සැපයීමට ලැබීම මහත් ආඩම්බරයක් බව නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ විශාල් ජයසේකර පැවසීය.

     

    වසර 150 කට වැඩිය දිව යන අතීතයක් හා වසර ගණනාවක් තුල තත්වයෙන් උසස් නිෂ්පාදන බෙදාහැරීමෙන් ගොඩනගා ගත් සබඳතා ඇති බර්නාඩ් සහ සමාගම ලොව තත්වයෙන් උසස්ම ඇඹරුම් යන්ත්‍ර ක්‍ෂේත්‍රයේ ඉහළින්ම සිටින අතර ගුණාත්මක තණ පිඩලි ඉදිරිපත් කිරීමේහි ලා ද ඉදිරියෙන්ම සිටී.

     

    නිව් අශ්ෆර්ඩ් ජාත්‍යාන්තර ආයතනයේ නිෂ්පාදන පිලිබඳ වැඩි විස්තර සඳහා අමතන්න : 0112 937937/8 ෆැක්ස්: 0112897939ඊමේල් : ashford@slt.net / agm@ashfordint.net