සුන්දර නිලාවැලි වෙරළ තීරයේ ඉදිවන Oceanfront නිවාස ව්‍යාපෘතිය අවසන් අදියරට

    April, 26, 2017

    ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර 14ක් උතුරු දෙසට වන්නට පිහිටි, මනරම් වෙරළ තීරයකින් සමන්විත නිලාවැලි ප්‍රදේශයේ ඉදි වන Oceanfront Condos නිවාස සංකීර්ණය, ඝෝෂාකාරී පරිසරයෙන් මිදී සුන්දර ඉන්දියන් සාගරයේ පහස ලබමින් ජීවිතය විඳින්නට අවැසි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් ඉදි වන්නකි.

    මෙම වෙරළ අසබඩ, සුඛෝපභෝගී, විනෝදාස්වාද නිවාස ව්‍යාපෘතිය එවැනි වර්ගයේ මෙරට ප්‍රථම නිවාස ව්‍යාපෘතියවන අතර එය නිවාස 81කින් සමන්විත වේ. මෙහි පළමු අදියර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. මෙහි සෑම නිවසකම සාලය සහ නිදන කාමරය ඉතා මනරම් සාගර තීරය දර්ශනයවන අයුරින් මෙන් ම පුළුල් අවකාශ සහිතව ද නිමවා තිබීම විශේෂත්වයකි.

    Oceanfront Condos නිවාස සංකීර්ණය පිහිනුම් තටාකයකින්, ව්‍යායාම් මධ්‍යස්ථානයකින් සහ ආපණ ශාලාවකින් ද සමන්විතය. කොරල් මසුන් විශේෂ 300කට අධික සංඛ්‍යාවක් වෙසෙන කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් බඳු පරෙවි දූපතට මෙම නිවාස සංකීර්ණයේ සිට විනාඩි 20ක බෝට්ටු සවාරියකින් ළඟා විය හැකිය. මෙම නිවාස සංකීර්ණය ත්‍රිකුණාමල නගරයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් වැඩි දෙනෙකුගේ ආකර්ෂණය මේ වෙත හිමි වී ඇත. ත්‍රිකුණාමල වරාය, කෝනේස්වරම් දේවාලය සහ ෆෙඩ්‍රික් බලකොටුව මේ අවට පිහිටි වැදගත් ස්ථාන අතර වෙයි. තවද, මෙම මුහුදු තීරය තල්මසුන් නැරඹීම සඳහා කදිම තෝතැන්නකි. මෙම සුන්දර නිවාසයක හිමිකරුවෙකු වීමට කැමති ඕනෑම අයෙකුට සති අන්තයක නිලාවැලි ප්‍රදේශයට පැමිණ එය නරඹන ලෙස ICC සමාගම ආරාධනා කර සිටී. වැඩිදුර විස්තර සඳහා www.oceanfrontnilaveli.com වෙත පිවිසෙන්න.

    ඔබගේ ආලින්දයට සහ නිදන කාමරයට මනස්කාන්ත නිලාවැලි වෙරළ තීරය දර්ශනයවන, හොඳම නිවාසය අදම වෙන්කරවා ගන්න. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීයම නිවාඩු ගමනාන්තයක් වන නිලාවැලි වෙරළ තීරයේ පිහිටි මෙම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය එහි ආයෝජකයන් හට අමතර අදායමක් ද ලබා දෙන අතර ICC ආයතනය ඒ සඳහා සියලු පහසුකම් සපයාදෙනු ඇත.

    සේයා රූ සටහන : ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිවන වෙරළ අසබඩ, සුඛෝපභෝගී, විනෝදාස්වාද නිවාස ව්‍යාපෘතිය