සුනිල් රත්නායකට ජාත්‍යන්තර තනතුරක්

    January, 23, 2017

    ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය, භෞමික විවිධත්වය හා පහසුවෙන් හා කෙටි වේලාවකින් ළඟා විය හැකි වියළි කලාපය, තෙත් කලාපය, මුහුදුබඩ ප‍්‍රදේශ, කඳුකරය හා පෞරාණික පෞඩත්වය පිළිබිඹු කෙරෙන අනුරාධපුරය, පොළොන්නරුව වැනි පළාත්වලට මෙන්ම යාපනය, ත‍්‍රිකුණාමලය වැනි සුවිශේෂ සංස්කෘතීන් පවත්නා ප‍්‍රදේශවලට වුවද ගුවනින් පැයක පමණ කාලයක් තුල යෑමට හැකිවීමත් හේතුවෙන් ජාත්‍යන්තර සම්මාන ලාභී ප‍්‍රවීන සිනමා නිෂ්පාදකයින් තම නිර්මාණ සඳහා පසුතල ලෙස ශ‍්‍රී ලංකාව යොදා ගැනීම 1950 වැනි කාලවල පටන් සිදුවිය. ඒ අතුරින් ලොව අතිශයින් ජනප‍්‍රිය සිනමා ශිල්පීන් රැසක් කල නිර්මාණ සමහරක් මෙසේය.

    1957 - ඔස්කා සම්මානලාභී - අධ්‍යක්‍ෂ ඬේවිඞ් ලීන් - The bridge on the river Kuwai
    1984 - ඔස්කා සම්මානලාභී - ස්ටීවන් සපීල්බර්ග් - Indiana Jone & Temple of Doom
    1981 - ජෝන් ඩෙරික් අධ්‍යක්‍ෂණය කල - Tazan of Ape Man
    1997 - කෙවින් කෝනර් අධ්‍යක්‍ෂණය කල - Mother Theresa
    2005 - ඞීපා මේතා අධ්‍යක්‍ෂණය කල - Water
    2011 - අනීස් බස්මී අධ්‍යක්‍ෂණය කල - Ready (Hindi)

    පසුගිය යුද සමයේ දී විදේශ චිත‍්‍රපට ශ‍්‍රී ලංකාවේ රූප ගතකිරීම් අඩු වුවද දැන් දැන් බොහෝ විදේශීය සිනමාකරුවන් ශ‍්‍රී ලංකාවේ රූපගත කිරීම සඳහා පැමිණීමට පටන් ගෙන ඇත.

    මේ අතර The Monkey Kingdom ඇතුලූ වාර්තාමය වැඩසටහන් 2016 දී නිෂ්පාදනය කල Karma Hospital වැනි දීර්ඝ ටෙලි වෘතාන්ත ද, බොහෝ Music Video හා විශාල විදේශීය වෙළඳ දැන්වීම් ප‍්‍රමාණයක් ද ශ‍්‍රී ලංකාව පසුබිම් කරගෙන රූප ගතකිරීම් සිදු කෙරෙන අතර මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ලැබීම ද සිදුවේ.

    ශ‍්‍රී ලංකාව තුල කලින් විස්තර කල ජාත්‍යන්තර සිනමා නිර්මාණය කිරීම හේතුවෙන් විදේශ විනිමය ලැබීම හැරුන විට ලංකාව පිළිබඳව විදේශ රටවලට නොමිලයේ පුලූල් ප‍්‍රචාරයක් ද ලැබීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට මහත් පිටිවහලක් ලැබේ. ලංකාවේ සිනමා කාර්මිකයින්ට ඉහල ආදායමක් ලබාගැනීමට පුලූවන් වන අතර ඔවුනට ඉහල තාක්‍ෂණික දැනුමක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ. එමෙන්ම රැකියා උත්පාදන මාර්ගයක් ලෙස ද මෙම අංශය යොදා ගැනීමට හැකියාව ලැබේ. ශ‍්‍රී ලාංකීය සිනමාවේදීන්ට ද ජාත්‍යන්තර සිනමාවේදීන් සමග එක්වීමේ දුර්ලභ අවස්ථාව ද මෙමගින් ඇතිවන අතර මෙමගින් දේශීය කලාකරුවන් ජාත්‍යන්තරයට ලඟා කරවීමට ද අවස්ථාවක් ලැබේ.

    මේ හේතුව නිසාම මෙම නව විදේශ විනිම උත්පාදන ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහන් ඊට අවශ්‍ය ප‍්‍රචාරය ලබා ගැනීම සඳහන් ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය - ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර සිනමා නිර්මාණ සඳහා පසුතල සපයන දේශයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කොට ඇත.

    මෙහි එක් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත සිනමා හා රූපවාහිනී මාධ්‍යවේදී සුනිල් රත්නායක මහතා සංචාරක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන සම්බන්ධීකාරක ලෙස සංචාරක, ඉඩම් හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පත්කරනු ලැබ ඇති අතර සුනිල් රත්නායක මහතාට පත්වීම ප‍්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 13 වන දින වෝටර්ස් එජ් (Waters Edge Hotel) පරිශ‍්‍රයේ දී සිදුවිය.

    මේ සමගම හොලිවුඞ් පුරවරයේ සිනමා නිර්මාණ 80%කට වඩා භාවිතා කෙරෙන ARRI ALEXA කැමරා විශේෂයේ නවතම නිර්මාණය වූ ULTRA SXT කැමරා පද්ධතිය හා අතිශය සංවේදී රූප නිර්මාණය සඳහා යොදාගන්නා ULTRA PRIME කාච පද්ධතිය ද ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීම ද සිදුවිය. ලෝක ප‍්‍රකට ARRI ALEXA කැමරා සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ Hans Salzinger ද James bond චිත‍්‍රපටියක් වූ Sky Fall චිත‍්‍රපටියේ කැමරා කටයුතුවලවලට සම්බන්ධ කැමරා අධ්‍යක්‍ෂකවරයකු වූ Philipp Chudalla මෙහි දී හඳුන්වා දුන් නවතම කැමරා පද්ධතිය හා කාච පද්ධතිය පිළිබඳ සවිස්තර දේශන ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මුදල් අමාත්‍යය රවී කරුණානායක, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුලූ සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්, නලූ නිලියන් හා ප‍්‍රචාරක ආයතන හා වෙළඳ සමාගම් රාශියක ඉහළ කලමනාකාරීත්වය ද සහභාගී විය.

    https://www.youtube.com/watch?v=k6ALnXmNgYE&feature=youtu.be