සුපර් මාර්කට් භාණ්ඩ මිල වසරක් තුළ 36% කින් ඉහළට

    March, 8, 2022

    සුපිරි වෙළඳසැල් දත්ත සංසන්දනය කිරීමේදී, සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුත් පවුලකට 2020 දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන දහයක භාණ්ඩ අඩංගු කූඩයක් මිලදී ගැනීම සඳහා රු. 1,546 ක් වැය වී ඇති බවත්, එය 2021 දෙසැම්බර් මාසය වන විට රු. 2,094 ක් දක්වා 365 කින් වැඩි වී ඇති බවත් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

    ඇඩ්වොකාටා ආයතනය විසින් සකස් කරනු ලබන ‘බත් කරි දර්ශකය‘ හෙවත් Bath Curry Indicator (BCI) තුළින් මේ බව පෙන්වා දේ.

    මේ අතර තෝරාගත් ආහාර ද්‍රව්‍ය කූඩයක සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන Advocata's Bath Curry Indicator (BCI)දර්ශකය 2022 ජනවාරි සිට 2022 පෙබරවාරි දක්වා 1.5% ක අඩුවීමක් වාර්තා කර ඇත.

    සමස්ත අඩුවීමට බෝංචි (40%), අමු මිරිස් (15%) සහ බටු (13%) මිල පහත වැටීම හේතු වී තිබේ.

    කෙසේ වෙතත් වාර්ෂික පදනම මත මෙම අගය 2022 පෙබරවාරි මාසයේ දී 15% කින් ඉහළ ගොස් ඇත.