සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීම සඳහා ඔඩෙල් මොරටුව ශාඛාව මොරටුව K-Zone හි ස්ථාපිත කරයි

    December, 5, 2018

    පරිශ‍්‍රයේ ආකර්ෂණය වැඩි කිරීමට සොෆ්ට්ලොජික් මැක්ස්, බර්ගර් කින්ග් සහ බැස්කින් රොබින්ස් සමග එක් වෙයි

    ඔඩෙල් විලාසිතාගාරයේ මොරටුව ශාඛාව ආරම්භ කර වසර නමයකට පසු එම ශාඛාව ආසන්නයේ තිබෙන K-Zone සාප්පු සංකීර්ණයේ ස්ථාපිත කිරීමට සොෆ්ට්ලොජික් සමූහය කටයුතු කර තිබේ. මේ තුළින් බලාපොරොත්තු වන්නේ මෙම සාප්පු සංකීර්ණයේ තිබෙන සොෆ්ට්ලොජික් මැක්ස්, බර්ගර් කින්ග් සහ බැස්කින් රොබින්ස් යන සොෆ්ට්ලොජික් සමූහයට අයත් අලෙවිසැල් සමග ඔඩෙල් අලෙවිසැලද එක්කරමින් සොෆ්ට්ලොජික් සමූහයට පමණක් ලබාදිය හැකි බහුවිධ සාප්පු සවාරි අත්දැකීම පාරිභෝගිකයින්ට ලබාදීමයි.
    මෙසේ K-Zone සාප්පු සංකීර්ණයේ අළුතින් පිහිටවූ ඔඩෙල් අලෙවිසැල තිබූ අලෙවි සැලට වඩා දෙගුණයක් විශාල වන අතර එය වර්ග අඩි 6,935 ක් පුරා පැතිරී තිබේ. K-Zone සාප්පු සංකීර්ණයේ ආකර්ශනය තවදුරටත් වැඩි කිරීමට මෙම අලෙවිසැලට හැකිවී තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් සුප‍්‍රසිද්ධ විලාසිතා සන්නාම මාලාවක් මේ තුළින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කර තිබේ.
    එළඹෙන උත්සව සමය සමග සමගාමී වෙමින් මෙම අලෙවිසැල නොවැම්බර් 23 වන සිකුරාදා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් PLC සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට පාරිභෝගිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

    මෙම ඔඩෙල් ශාඛාව අළුත් ස්ථානයක පිහිටුවීම පිළිබඳව සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂිකා ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය මෙසේ අදහස් දැක්වීය. ‘සාප්පු සවාරියක් විශේෂිත වන්නේ පාරිභෝගිකයින්ගේ අත්දැකීමක් අනුවය. මෙම අත්දැකීම නිසි පරිදි විඳ ගැනීම සඳහා ස්ථානය, පුළුල් පරාසයක විහිදුණු භාණ්ඩ මාලාවක්, උසස් සන්නාම, ඉහළ සේවාවක්, ගෙවන මුදලට ප‍්‍රතිලාභයක් මෙන්ම පහසුව ඉතාමත් වැදගත් වෙනවා. මේ අනුව, ඔඩෙල් මොරටුව ශාඛාව K-Zone පරිශ‍්‍රයට ගෙන ඒම මගින් පාරිභෝගිකයින්ට මේ පහසුකම් සියල්ලම ලැබෙනවා. ඒ වගේම, මෙම පරිශ‍්‍රයේ තිබෙන වෙළඳසැල් එකතුව තුළින් සාප්පු සවාරි අත්දැකීම තවත් පුළුල් කරන අතර ඒ තුළින් K-Zone පරිශ‍්‍රයට වැඩිපුර පාරිභෝගික ආකර්ශනයක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.’
    K-Zone පරිශ‍්‍රයේ (අංක 340, ගාලූ පාර, මොරටුව) පිහිටි විශාලතම අලෙවි සැලක් වන ඔඩෙල් විලාසිතාගාරයේ කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම්, ළමා ඇඳුම්, Backstage, Delight, Sunglasses, Watches, ODEL Sports යන අංශ තිබෙන අතර Exclusive Lines ආයතනයට වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ. එසේම, ජාත්‍යන්තර සාප්පු සවාරි අත්දැකීමක් දේශීය රසාස්වාදය සමග මුසු කරමින් ලබාදීමට ඔඩෙල් සැමවිටම කැපවී සිටී.

    මෙම අලෙවිසැල තුළ Davidoff, Fellini, Pepe Jeans, US Polo, Levis, ODEL, WYOS, Liberation, Tara, Closet, B Iconic, Boysenbear සහ Pinkabelle යන ඇඟලූම් සන්නාමද, Fossil, Michael Kors, Skagen, Armani Exchange සහ Casio යන ඔරලෝසු සන්නාමද, Emporio Armani, Rayban, Vogue, Oakley සහ DKNY යන අව් කන්නාඩි සන්නාමද, Nike සහ Adidas සන්නාම ODEL Sports අංශයෙහි අලෙවි කරයි.

    මීට අමතරව, මොරටුව K-Zone පරිශ‍්‍රයේ පිහිටුවා තිබෙන අළුත් ඔඩෙල් ශාඛාවට පැමිණෙන පාරිභෝගිකයින්ට සපත්තු සහ අත්බෑග් සන්නාම මාලාවක්ද ඔඩෙල් විසින් ඉදිරිපත් කර තිබේ.

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රියතම විලාසිතා ජාලය වන ඔඩෙල් හි ප‍්‍රධාන අලෙවිසැල කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටා ඇති අතර කලම්බෝ සිටි සෙන්ටර්, තලවතුගොඩ, මැජස්ටික් සිටි, නුගේගොඩ, කොහුවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, බත්තරමුල්ල, වත්තල, ජා- ඇල (කේසෝන්), කිරිබත්ගොඩ, කැන්ඩි සිටි සෙන්ටර්, මීගමුව යන ස්ථානවල පිහිටි ඔඩෙල් අලෙවිසැල් වලින් සහ කොළඹ ඩච් හෝස්පිට්ල්ස් සංකීර්ණය, ක්‍රෙස්කැට්, බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඞ්ස් රිසෝර්ට් ඇන්ඞ් ස්පා, ගාලූ කොටුව, මහනුවර ක්වීන්ස් හෝටලය, මීගමුව, පින්නවල සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පිහිටි Luv SL අලෙවිසැල් වලින් ද සමන්විත වේ.